ඉදිරි වසරේ ආහාර හිඟයක්..

පවතින කාලගුණික තත්වයන් හේතුවෙන් ඉදිරි වසර තුලදි දැඩි ආහාර හිගයක් සිදුවිමට නියමිත බව ජාතික කෘෂිකර්ම සම්මේලනයේ අනුරාධ තෙන්නකෝන් කොළඹ පැවති මාධ්‍යය හමුවකදි අනාවරණය කලේය.

පැවති ව්‍යසන තත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට දැඩි ලෙසට බලපැම් එල්ලවි ඇති අතර එලවළු සහ පලතුරු වලටද මෙලෙස බලපෑම් එල්ලවි ඇත.

මඩකලපුව,කුරුණෑගල ,පොලොන්නරැව යන දිස්ත්‍රික්ක වල සහල් වලටද විශාල හානියක් සිදුවි ඇති බව වාර්තා වන අතර මෙම තත්වය මත මඩකලපුවේ කෘෂිකාර්මික ඉඩම් අක්කර දෙකකට වැඩි ප්‍රමාණයක්ද හානි වි ඇත.

එසේම එලවළු වගා කරන අක්කර 50,000ක් මුළුමනින්ම විනාශව ගොස් පවතින බවද වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *