අයවැයෙන් වෙන්වු මිලියන දහස අපිට ගෙවන්න..
පසුගිය වකවානුවන් තුල අතුරැදහන් වු සහ ඝාතනයට ලක් වු මිනිසුන් වෙනුවෙන් ගෙවිම සදහා අයවැයෙන් වෙන්වු මිලියන 1000ක මුදල අදාල පුද්ගලයින්ට ගෙවන ලෙසට ගාල්ල කරන්දෙණියේ ඒ ආර්.මල්ලිකා අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුව නියෝජනය කරමින් පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඉල්ලිමක් කරයි.
එක් පවුලකට ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසත් ඇය වත්මන් රජයෙන් ඉල්ලන අතර දැනට වසර 35 ක් ගතවි ඇතිබව ඇය සදහන් කරයි.