අරැණ පුවත්පතේ කතෘ CID යට කැදවිමට එරෙහිව මාධ්‍යය සංවිධානවල විරෝදය..
අරැණ පුවත්පතේ ප්‍රධාන කතෘ මහින්ද ඉලේපෙරැම රහස්පොලිසිය වෙත කැඳවිම සම්බන්දයෙන් මාධ්‍යය සංවිධාන සිය විරෝධත්වය පලකරමින් සිටි.
එසේම මහින්ද ඉලේපෙරුම සි.අයි.ඩා ය වෙත යාමද ප්‍රතික්ෂේප කර ඇති අතර එය මාධ්‍යය සේවක වෘත්තීය සමිති සම්මේලනය පවසා සිටින්නේ මෙම කැඳවිම විමර්ශණයක් නොවන අතර විමර්ශණයකට මුවාවි මාධ්‍යය බිය වැද්දීමට ගන්නා උත්සාහයක් බවයි.
එසේම විමර්ශණය ආරම්භ කිරිමට ප්‍රථම මෙම පුවත අසත්‍යය පුවතක් බවට ලේබල් කිරිමද අනුමත නොකරන බවද එහි ලේකම් මාංධ්යයවේදි තරිදු උඩුවරගෙදර සිය නිවේදනය මගින් ප්‍රකාශ කරයි.
ජනමාධ්‍යය සමාජය විසින්ද නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ මාධ්‍යවේදින් මර්දනය කිරිමේ පෙර නිමිත්තක් බවය.
වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය ද නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ මහින්ද ඉලේපෙරැම සිඅයිඩි යට කැදවිම පිලිකුල් සහගත ක්‍රියාවක් වන බවත් මෙය පහසුවෙන්බැහැරකල යුත්තක් නොවන බවය.