ආපදා තත්වයට මුවාවී සමාජ මාධ්‍යයෙන් තොරතුරු රැස්කිරිම ව්‍යාජ පණිවුඩයක් ..

රටේ පවතින ආපදා තත්වයන් පදනම් කරගෙන ඒ සදහා ගොදුරැ වු ජනතාව වෙතට සහනයන් සලසන බවට හඟවමින් පෞද්ගලික තොරතුරු පවා එකතු කරගනිමින් වටසප් සහ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යය භාවිතා කරමින් කටයුතු සිදුවන බව තොරතුරු ලැබි ඇති බව කාන්තා හා ලමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම පණිවුඩය අසත්‍යයක් වන අතර ඒ සදහා නොදන්නා පාර්ශවයන් සමග තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසටද එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආපදා සහන සේවාවන් සැලසීම සදහා අදාල දත්තයන් රැස්කිරිමේ පුර්ණ බලතල ග්‍රාම නිළධාරින් ට මෙන්ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කේෂ්ත්‍ර නිලධාරින්ට පමණක් ලබාදෙන ලෙසට එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *