අලි 500කගේ ජීවිත අනතුරේ..
අනුරාධපුර සහ හම්බන්තොට ප්‍රදේශයන්හි අලි පලවාහැරිමේ මෙහෙයුම මේදිනවල සිදුවෙමින් පවතින අතර එම පලවාහැරිමේ ක්‍රියාවගිය තුල අලින් ඝාතනයට ලක්වන බව වර්තා වේ.
මෙය අසාර්ථක ක්‍රියාවලියක් වන අතර 2006 වසරේ වලව වම් ඉවුර අලි පැන්නීමේ ක්‍රියාවලිය සහ 2012 වසරේ වයඹ අලි පැන්නීමේ ක්‍රියාවලිය මේ සදහා කදිම උදාහරණයක් බව සදහන් වේ.
මෙම තත්වය හේතුවෙන් අලිමිනිස් ගැටුම බරපතල තත්වයකට පත්වෙමින් පවතින අතර මෙය සංවිධානාත්මක අලි මැරිමේ ක්‍රියාවලියකට මග පැදිමක් බවත් මේවන විට අලි 500 කගේ ජිවිත අනතුරේ බවද වනජිවි සංරක්ෂණ සංසදයේ නයනක රන්වැල්ල පවසයි.