ඇගිලි සලකුණු හේතුවෙන් අගතියට පත්වුවන්ට සහනයන් ඉල්ලා ලංකා තැපැල්සේවා සංගමයෙන් ඇමතිට ලියයි..

ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමේදි තැපැල් සේවකයින්ට ඇති වන ගැටළුකාරි තත්වයන් මගහරවා දෙනලෙසට ලංකා තැපැල්සේවා සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මධ්‍යම තැපැල් හුවමාරැවේ කාර්ය මංඩලය තැපැල් මෙහෙයුම් ක්‍රියාවලියට සෘජුවම දායක වන බැවින් ඇගිලි සලකුණු භාවිතා කිරිමේදි ඇතිවි ඇති ගැටළු කාරි තත්වයන් පිලිබදව සදහන් කරමින් පොදු ප්‍රවාහනය පරිහරණය කිරිමේදි පැනනැගි ඇති ගැටළුකාරි තත්වයන්ට පිලියම් යොදන ලෙසටත්,ඊට මැදිහත් වන ලෙසටත් ඉල්ලා සිටිමින් විෂයභාර ඇමති වරයාගෙන් ඉල්ලිමක් කල බව එමසංගමයේ ජගත් මහින්ද සදහන් කරයි.

එසේම අදේශක සේවකයින්ගේ වැටුප් ගෙවිම හා ස්ථිර සේවකයින් ගේ අතිකාල ගෙවිම නියමිත දිනයක් තුලදි ගෙවිමට නිශ්චිත දිනයක් නොමැති විමද මේ වන විට අවධානය යොමු කරන ලෙසද ඉල්ලා ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *