වීරත්වය හා බැඳුණු අභිරහස් ගමන…

ඩිලූප තවිෂ්ක දිසානායක යනු මෙම කෘතිය ලියන කාලයේ ලාබාල දරුවෙකු විය.මෙම පොත නිර්මාණී ලේඛක පුබුදුව හා සමාජ සංවර්ධන සංසදයේ ප්‍රකාශනයකි.මිල රුපියල් 200/=ක් වන මෙම කෘතිය මුද්‍රණය ඉමාෂි ප්‍රකාශන හා ප්‍රින්ටර්ස් වෙතින් මුද්‍රණය වී ඇත.පිටු හතලිස් හතරක් පුරාවට ඩිලූප ආශා කල වනාන්තය හා බැඳුණු අත්දැකීම් මෙහි අලංකාරයට නගා තිබෙනු කියවන්නෙකුට තේරුම් යනු ඇත.සිත් ඇඳගන්නා සුලු කවර නිර්මානයක් වන මෙම පොත කුඩා ලමයෙකුගේ ලෝකය සුවඳවත් කරයි.එමෙන්ම ඩිලූප මෙම පොත ලියන කාලයේදී ලෝකය සෙමෙන් දකින වයසක අයෙකු වූවද ඔහු විසින් රචිත මේ ග්‍රන්ථය පුරාවටම කුතුහලය මෙන්ම වීරත්වය හා අභිරහස්වලට ඇති කැමැත්ත ඔහු අතිශය දක්ෂ ලෙස පෙන්වා දී ඇත.ඔහුගේ දෙවන ළමා කතාව වන මෙය පරිසරයට ආදරය කරනා යුක්තිගරුක පුද්ගලයෙකු වීමට ගුණවත් අඩිතාලමක් තබන්නට කෙනෙකු සූදානම් කරන්නට සමත්ව තිබේ.

සටහන:-ඈන් මිලිනි රෝශිණී

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *