ආපදාවන්ට ලක්වු කර්මාන්ත ගොඩගන්න ලක්ෂ දෙකක දීමනාවක්..
පැවති දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ආපදාවන්ට ලක්වි ඇති කර්මාන්තයන් නැවත ගොඩනංවා ගැනීම සදහා රැපියල් ලක්ෂ දෙකක දීමනාවක් ගෙවිමට කර්මාන්ත හා ව්යයසායකත්ව සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
එම අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයට අනුව එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකව පවතින අපනයන සජවර්ධන මංඩලය,ජාතික පලදායිතා ලේකම් කාර්යාලය,ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය,ජාතික ශිල්ප සභාව,ජාතික මෝස්තර මධ්‍යස්ථානය ,කුඩා සංවර්ධන අංශය යන ආයතන යටතේ ලියාපදිංචිව ඇති කර්මාන්ත කරැවන් මෙලෙස ආපදාවන්ට පත්ව ඇත්නම් අදාල වන්දි මුදල් ලබාදෙන බව ද වාර්තා වෙි.
www.idnustry.gov.lk වෙබ් අඩවිය හරහා සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ඇති අපනයන සංවර්ධන නිළධාරි සහ ඵලදායිතා සංවර්ධන නිළධාරින් හරහා මේ සදහා අයදුම් කලහැකි බව වැඩිදුරටත් එම අමාත්‍යාංශය සදහන් කරයි.