රාජ්‍යය සේවකයින්ගේ දේශිය හා විදේශීය නිවාඩු අවලංගු වෙයි..
රාජ්‍යය සේවකයින්ට ලබා දි තිබු වැටුප් රහිත දේශිය හා විදේශීය නිවාඩු පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් අනුමත කිරිම අත්හිටුවිමට රාජ්‍යය පරිපාලන සහ පලාත්සභා අමාත්‍යංශය තිරණය කර ඇත.
මේ වන විටත් ඊට අදාල චක්‍රලේඛය නිකුත් කර ඇති අතර නිවාඩු ඉල්ලුම්පත් දිර්ඝ කිරිම ද අත්හිටුවීමට මෙමගින් තිරණය කර ඇති බවත් වැඩි දුරටත් දන්වා ඇති අතර මේ පිලිබදව රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශ 6/03/LEA/3162(4) මගින් සියළුම අමාත්‍යාංශ ලේකම් වරැන්ට,පලාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ද එහි පිටපත් යවා ඇති බවද සදහන් වේ.