විගණකාධිපති පත්කිරිමේ අර්බුදය ව්‍යවස්ථාව උල්ලංඝනයක්…

මාස අටක් තිස්සේ විගණකාධිපති වරයා පත් නොකිරිම තුල වත්මන් රජය සිය වගකීම් සම්පූර්ණ කිරිමට අසමත් වි ඇති බව වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම තත්වය උදාවි ඇත්තේ සේවයේ නියුතුව සිටි විගණකාධිපති වරයා පසුගිය අප්ප්‍රේල් 8 දා විශ්‍රාම ගැනිම හේතුවෙන් බව සදහන් වේ.

මෙම තනතුර සදහා වැඩබලන විගණකාධිපති පත් නොකර ස්ථිර වශයෙන් එම තනතුරට සුදුස්සෙකු පත් කරන ලෙසද එම පෙරමුණ රජයෙන් ඉල්ලා සිටින බවත්,මෙලෙස එම තනතුරට පුද්ගලයෙකු පත් නොකිරිම තුල ප්‍රජාතන්ත්‍රවාදි පාලනයේ මුලික පදනම කඩවිමක්ද සිදුවන බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *