බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30ක් මරණයට..
අයහපත් කාලගුණික තත්වය මත ඇතිවු ගං වතුර හේතුවෙන් බිත්තර දමන තත්වයේ සිටි කිකිළියන් ලක්ෂ 30ක ප්‍රමාණයක් මරණයට පත්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම හේතුව නිසා ඉදිරියේදි රටපුරා බිත්තර හිඟයක්ද ඇතිවිය හැකි බව සදහන් කරන අතර එලබෙන නත්තල සහ සිංහල අළුත් අවුරුද්ද සදහාද මෙ බලපාන බව සදහන් වේ.
එසේම උත්සව සමයේ නිෂ්පාදනය වන කේක් සදහාද බලපැම් ඇතිවිය හැකි බවද එම සංගමය පවසයි.