ඇමති වටගලගේ ප්‍රකාශය මාධ්‍යය නිදහසට බාධාවක්..

සමාජ මාධ්‍යය සහ වෙනත් මාධ්‍යයන් උපයෝගි කරගනිමින් ජනපති වරයා මුල් කරගෙන අපහාසාත්මක ලෙසට ප්‍රකාශයන් නිකුත් කරන ලබන පුද්ගලයින්ට මෙම වකවානුවේ පනවා ඇති හදිසි නිතිය උපයෝගි කර ගනිමින් දැඩිදඩුවම් පැමිණවියයුතු බවට නියෝජ්‍යය අමාත්‍යය සුනිල් වටගල කල ප්‍රකාශය දැඩි ලෙසට හෙලා දකින බව ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය සිය විරෝදය පල කරයි.

බලය ලබා ගැනීමට පෙර මෙම පිරිස භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි බවත් නමුත් වත්මනෙහි මේ ආකාරයට කරනු ලබන ප්‍රකාශයන් මාධ්‍යය නිදහසට තර්ජනයක් ගෙන දෙන බවත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දැඩි පිලිකුල සහ විරෝදය පලකරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *