විදුහල්පති නිදැල්ලේ..මහානාමයට සාධාරණය කෝ..

කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ දරැවන් තිදෙනෙකු අපහරණයට ලක් කිරිමේ සිද්ධියක් මුල්කර ගනිමින් ,එහි මුනිවත රකිමින් ඒ සදහා චෝදනා ලැබු පාසලේ පෞද්ගලික ආරක්ෂක සේවාවේ සේවයේ නියුතුව සිටි පුද්ගලයා සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබදව විමර්ශන සිදුවුයේද එම විදුහල්පති වරයා එම විද්‍යාලය තුල මේවන තෙක් රාජකාරි කරමින් සිටින පසුබිමකය.

මෙම විදුහල්පති වරයා කොල්ලුපිටිය පොලිසියට මේ පිලිබදව පැමිණිලි නොකල අතර විද්‍යාලයේ ආදිශිෂ්‍ය හා දෙමාපිය එකමුතුව විසින් කොල්ලුපිටිය පොලිසියටත්,ජාතික ලමාරක්ෂණ අධිකාරියටත්, අධ්‍යපන ඇමතිනියටත් ,අමාත්‍යාංශයේ ලේකම් වරයාටත් පැමිණිලි කල අතර ,ඊට අදාලව අධ්‍යපන බලධාරින්ගේ විමර්ශනය සිදුවුයේද එම විදුහල්පති පාසල තුල විදුහල්පති ලෙසටම රාජකාරි ඉටුකරන පසුබිමක විමද ගැටළු සහගත නොවේදැයි අපි අධ්‍යපන බලධාරින්ගෙන් විමසන්නෙමු.

ඉදිරියේදි මෙම විදුහප්පතිවරයා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් අධ්‍යපන අමාත්‍යාංශයෙන් සිදුවිමට නියමිත වුවද චෝදනාලාභි වත්මන් විදුහල්පතිවරයා එම තනතුරේ සිටියදි එම පරික්ෂණ සාධාරණව සිදුවේයැයි යන්න ප්‍රශ්ණ සහගත බව දෙමාපිය හා ආදිශිෂ්‍යය එකමුතුව පවසයි.

Similar Posts

One Comment

  1. අපෝ විදුහල්පති කෙනෙක් නෙමෙයි මේ මනුස්සයා. අන්තිම පජාත ගතිගුණ තියෙන කෙනෙක්.පාසලේ පරිපාලනය අන්තිමයි.
    අධ්‍යාපන අමාත්‍යාංශය සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ මහානාමෙට අද වෙලා තියෙන ඛේදනීය ඉරණමට . කිසිම අත්දැකීමක් නැති අවම වශයෙන් විදුහල්පති තනතුරක් හෝ ගුරුවරයෙක් වශයෙන් හෝ පපළපුරුද්දක් නොමැති කෙනෙක් මහානාමෙ වගේ ප්‍රධාන පාසලක විදුහල්පති කෙනෙක් වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *