හලාවත මුලික රෝහල තාවකාලිකව වසා දමයි..

හලාවත මුලික රෝහල ඇතිවු ආපදා තත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරැ වසා දැමිමට පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

රෝහල මේ වන විටත් අඩි පහක් දක්වා ගංවතුරින් යටවි ඇති අතර ඒ වන විට ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් පුත්තලම සහ කොළඹ මහ රෝහල වෙතට ගුවන් මගින් පිටත් කර ඇත.

පැවතිය ගංවතුර තත්වය මත රෝහලේ ස්කැන් යන්ත්‍රයට පවා හානි සිදුවි ඇති අතර රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යා නොහැකි ලෙසට රෝහල ආපදාවන්ට ලක් වි ඇති බවත්,නැවත දැනුම්දෙන තුරැ රෝහලේ සායනික කටයුතු සදහා නොපැමිණෙන ලෙසට රෝහල් බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *