ඕමාන් ශ්‍රිලංකා මිත්රාත්ව සංගමයේ මුල්පුටුවට වසන්ත සමරසිංහ..
ඕමාන් ශ්‍රිලංකා මිත්රාත්ව සංගමයේ සභාපති ධුරය සදහා අමාත්‍යය වසන්ත සමරසිංහ පත්ව ඇති බව වාර්තාවේ.
වසර 1981 සිට ලංකාවත් ඕමානයත් අතර මිත්‍ර සබඳතා පැවත එමින් පවතින අතර දෙරටේ ද්විපාර්ශික සබදතා තවදුරටත් පුළුල් කිරිම සංගමයේ අරමුණ බව මෙහිදි සදහන් විය.
මේසම්බන්දයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදි මෙයට අදාලව පැවති සුවිශේෂී හමුවට ඕමාන් තානාපති අහමඩ් අලිසයිඩ් අල්වාෂිඩි ද සහභාගි වු අතර එම සංගමයේ ලේකම් වරයා ලෙසට අජිත් පි.පෙරේරා පත්විය.
මෙහිදි දෙරට අතර සංචාරක,වෙළදාම,ශ්‍රමය,අධ්‍යපන අංශ කෙරෙහි අවධානයක් යොමු වු අතර ඒ සදහා ඵලදායි වේදිකාවක් මෙම මිත්රාත්ව සංගමය බව දෙපාර්ශවය විසින් ප්‍රකාශයට පත්විමෙන්ද සුවිශේෂි වු බව වාර්තා වේ.