කෘතියෙහි නම:-චරිත තුනක්
චරිත තුනක් නැමැති නවකතාව 1963දි මුලින්ම පල කරන ලද අතර එම කෘතියේ ජනප්‍රියත්වය කෙතරම් දැයි යන්නට තේරුම් ගැනීමට එම කෘතියේ මුද්‍රණ වාර ගණන පවා ප්‍රමාණවත් ය.චරිත තුනක් යන කෘතිය 33 වැනි මුද්රණවාරයද පසු කරමින් අතිශයින්ම සාරවත් නවකතා සාහිත්‍යක් ගොඩනගමින් සිටී.පිටු 175ක් පුරා අතිශය සුන්දර මෙන්ම විටින් විට වෙනස් වන පරිසරය ගැනද චිත්ත රූප මැවෙන පරිදි රචනා කර තිබේ.පුද්ගලයෙකු සතු ආත්ම විශ්වාසය හා නොමැරෙන සුළු ධෛර්යය ගැනද නොඅඩුව සාකච්ඡාවට ලක් කරන මෙහි ගොවි ජනතාව සතු වගා කටයුතු මෙන්ම දුෂ්කරතා ගැනද අවධානය යොමු කරවයි.කිසිවෙකු විසින් සැලකුම් නොලබා අතැර දැමූ විශාල මූකලානලක් එලි පෙහෙලි කර එයින් නියම ඵල නෙලාගත් තරුණයෙක් වර්තමානයේ ද තරුණ පිරිසට කාලීන ආදර්ශයක් වී තිබේ.ගම්බද ප්‍රදේශවල ජීවත් වන අයගේ ජීවන ගමන ගැන අතිශයින්ම සමබර වූ විවරණයක් රචනා කිරීමට කතුවරයා සමත්ව තිබේ.
written by ඇන් මිලිනි රොෂිනී