මාධ්‍යවේදින්ගේ අක්ෂි සායනය සාර්ථකව දියත් කරයි..
ඊයේ දිනයේදි කොළඹ අක්ෂි රෝහලේ දි,ජනමාධ්‍යවේදින්ගේ ඉල්ලීම පරිදි පැවැත් වු අක්ෂි සායනය සාර්ථකව පැවැත් වු බවත් රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ මාධ්‍යවේදින් පැමිණි බවද වාර්තා වේ.
එසේම ඇසේ පෙනීමේ තත්වය,රැධිර පිඩනය ද පරික්ෂාවට ලක්කල අතර ,අක්ෂි අබාධ සහිත මාධ්‍යවේදින්ව අදාල සායන සදහා ද යොමු කර ඇත.
මෙහිදි නොමිලේ ඇස්කන්නාඩි ලබාදිම සදහා අවශ්‍යය දත්තයන් ලබා ගත් අතර ඉදිරි දෙසතිය තුලදි මාධ්‍යවේදින්ට ඇස් කන්නාඩි ලබාදිම නියමිත බව සදහන් වේ.
මෙම අක්ෂි සායනය සදහා මාධ්‍යවේදින් මෙම සත් කාර්ය පැසසුමට ලක්කරමින් පවසා සිටියේ රෝහල් කාර්ය මංඩලය අනිත් රාජකාරි තිබියදි මාධ්‍යය වේදින්ගේ මේ කටයුත්ත සදහා ප්‍රමුතාවය ලබාදිම අගය කරන බවකි.