ඉන්දියාව අපේ රටට කරන බලහත්කාරකම් නවත්වන්න ජනබලයක් ගොඩනගන්න එකතු වෙන්න..

ඉන්දීය මහා පරිමාණ බොටම් ටෝලර් යාත්‍රා සිය ගණන් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලු වී මත්ස්‍ය සම්පත කොල්ල කෑමත්, ධීවරයින්ට පහර දීමත් , ගැටුම් ඇති කර ගැනීමත් නැවැත්වීම සඳහා රජය පාර්ශවයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකාච්ඡා කිරීම සඳහා අද( 2026. 05. 07 ) දින ජන අරගල ව්‍යාපාරය සහ ඉන්දීය ග්‍රහණයේ සිටින ධීවර පවුල් වල අය සමඟ යාපනයේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හමු වී සාකච්ඡා කරන ලදී.
එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.
“අපි දන්නවා මහාපරිමාණ වශයෙන්
ඉන්දියානු බොටම් ටෝලර් යාත්‍රා ලංකාවේ මුහුදු සීමාවට බලහත්කාරයෙන් ඇවිල්ලා අපේ රටේ මත්ස්‍ය සම්පත් කොල්ලකාගෙන යනවා. මේ කාරණය අපේ රටේ ධීවරයන්ට වගේම රටේ ස්වරීත්වයටත් බරපතළ තර්ජනයක්. අද අපි මේ ප්‍රශ්නය ගැන කතාකරන්න තමයි ජන අරගල ව්‍යාපාරය විදිහට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ යාපනය දිස්ත්‍රික් කාර්‍යාලයට ආවේ. එහි සහකාර අධ්‍යක්ෂකවරයා අද දවසේ අපි එක්ක සාකාච්ඡාවට සම්බන්ධ වුණා.

   අපේ මුහුදු කලාපයේ ආරක්ෂණ ක්‍රියාවලියට සහ නීතිවිරෝධී යාත්‍රා වැටලීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණවල අඩුපාඩුවත් නොහැකියාවත් ගැන තමයි එහිදී රජය පාර්ශවයෙන් අපිට දැනුම් දුන්නේ. අපි එහිදී කිව්වා මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි කියලා. මොකද ඉන්දියාව එක්ක කරන ද්විපාර්ශ්වික සාකාච්ඡාවකින් තමයි මේ ප්‍රශ්නය විසඳගන්න පුලුවන් වෙන්නේ. 
    මේ විදිහට අපේ රටේ මුහුදු සීමාවට එන මහාපරිමාණ බොටම් ටෝලර් යාත්‍රා අපේ රටේ ධීවරයන්ට බරපතළ තර්ජනයක් කරනවා. අපේ රටේ ධීවරයන්ට පහරදීම්, පැහැරගැනීම් වගේම දැල්වලට සහ බෝට්ටුවලට හානි කිරීමේ සිද්ධි ගණනාවක් පහුගිය කාලේ වාර්තා වුණා. ඒකේ ආසන්නම සිද්ධිය තමයි පසුගිය 27 වෙනිදා යාපනයේ ධීවරයින් තුන්දෙනෙක්ට ඉන්දීය ධීවරයන් පිරිසක් අමානුෂික විදිහට පහර දීලා  තිපූෂ් දයානාස්ව පැහැරගෙන යාමේ සිද්ධිය. ඔහුව ලංකාවට නැවතගෙන්න ඉන්දියාව සමග සාකාච්ඡා කරමින් ඉන්න බව තමයි අපිට ආණ්ඩුව පැත්තෙන් කිව්වේ. 
        අපි පහුගිය කාලේ පුරාවටම දැක්කා ඉන්දියාව දේශපානලන සහ ආර්ථිකමය පැතිවලින් අපේ රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන විදිහ. වර්තාමන ආණ්ඩුව බලයට ඇවිල්ලා ටික කාලෙකින් ඉන්දියාව එක්ක ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. හැබැයි ඒ ගිවිසුම් ජනතාවට තියා පාර්ලිමේන්තුවටවත් හෙළි කරලා නැහැ. ඉන්දියාව මේ කරන බලහත්කාරයන් හමුවේ ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත ගැන අපිට සෑහීමකට පත් වෙන්න බැරි අන්න ඒ නිසා. අපි ජන අරගල ව්‍යාපාරය විදිහට ආණ්ඩුවට කියනවා යාපනයේ ධීවර ජනතාව මේ මුහුණදීලා ඉන්න ප්‍රශ්නය විසඳන්න වහාම මැදිහත් වෙන්න කියලා. ඉන්දීය මහාපරිමාණ යාත්‍රා අපේ රටේ මුහුදු සීමාවට බලහත්කාරයෙන් ඇතුළු වීම වහාම නවතින්න ඕන. ඒ වගේම තමයි අපි රටේ සියලු ධීවර ජනතාවට වගේම වැඩකරන ජනතාවට ආරාධනා කරනවා ඉන්දියාව විසින් අපේ රටට කරනු ලබන බලහත්කාරී මැදිහත්වීමට එරෙහිව ජනතා බලයක් ගොඩනගන්න එකතුවෙමු කියලා. "

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *