Emma und IchSheila Hocken එමා සහ මම
පරිවර්තනය :- ආශානි ශාලිකා රණසිංහ
අරටුව ප්රකාශනයකි.
සුනඛයෙකු…සත්ව ලෝකයේ මිනිසාට ලඟම සත්වයා ලෙසින් සැලකෙන සුනඛයෙකු දෑස් නොපෙනෙන යුවතියකට සරණක් වන තැනකට පත්ව ඇති කතාවක් හා එම සත්ත්වයා සිය වගකීම නිවැරදිව කරන්නට උත්සහ කරන අයුරුත් මෙම පොතේ සඳහන් වෙයි.එමෙන්ම දෑස් නොපෙනෙන අයෙකු කෙතරම් දුශ්කරතා වලට ලක් වනවාද සහ අනෙක් අය හා සමාන වූ අයිතිවාසිකම් මෙන්ම සිතැඟියාවන්ද ඇති බව හොදින්ම පාඨකයාට පහදා දෙයි.
මෑත කාලයේද මෙවන්ම වූ සිද්ධීන් අපට අසන්නට ලැබෙන බැවින් මෙය කාලෝචිත මෙන්ම දෑස් නොපෙනෙන අපගේම ආදර සහෘදයන්ටද ඉතාමත් ම වැඩදායි දෙයක් වනු ඇත.මනුශ්යකු තරමට අතිශයින්ම සංවේදී සත්වයෙකු වන සුනඛයන් විසින් දෑස් නොපෙනෙන අයෙකු අතිශයින්ම විස්වාසවන්ත සේවකයෙක් ලෙස බලාගන්නා අයුරු හා එයින් මහා පණිවිඩයක් ද පාඨකයාට ලැබී ඇත.