රජයේ සේවයට බදාදා නිවාඩු දිනය අවලංගු කෙරේ..
මෙතෙක් සමස්ත රාජ්‍යය සේවයටම ඉන්ධන අරපිරිමැස්ම හේතු කර ගෙන රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද බදාදා දින රජයේ සේවයට නිවාඩු දිනයක් ලෙසට නම්කර තිබුණ ද එලබෙන ජනවාරි 8 දා සිට එම නිවාඩු දිනය අවලංගු කර ඇත.
ඒ පිලිබදව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත්කර ඇති අතර සාමාන්‍ය පරිදි බදාදා දිනයන්හි සියළුම රාජ්‍යය ආයතන වල සේවාවන් සිදුවන බව තවදුරටත් සදහන් වේ.