71′ අරගලය ශ්‍රෙෂ්ඨයි !
” අධිරාජ්යවාද්යට විනාශය සමාජවාදයට විජයග්‍රහණය ” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ 55 වෙනි අප්‍රේල් විරු සමරුව අද ( 2026. 04. 05 ) දින පස්වරු 3.00ට කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය.
එහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න.
" තමන් පීඩාවට පත් වෙන ඕනෑම මොහොතක පීඩිත පන්තිය තමන්ගේ පීඩාවට එරෙහිව සඨන් වැදුණා. ඒක තමයි ඉතිහාසයේ ඇත්ත. එදා 71 අරගලයට පණ පොවපු අපේ ආදරණීය සහෝදරවරු සහෝදරියෝ සඨන් කළෙත් පීඩාවට එරෙහිව. ඔවුන් සඨන් කලේ මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයට එරෙහිව. අන්න ඒ නිසයි අපි කියන්නේ 71 අරගලය කියන්නේ ශ්‍රේෂ්ඨ අරගලයක් කියලා.
අද අපි අධිරාජ්යවාද්යට විනාශය සමාජවාදයට විජයග්‍රහණය කියන තේමාවෙන් මේ 55 වෙනි අප්‍රේල් විරු සමරුව පවත්වන්නේ තීරණාත්මක මොහොතක. අද අධිරාජ්‍යවාදීන් ඉතිහාසයේ කවරදාටත් වඩා මෙලෙච්ඡ උපක්‍රම භාවිතා කරමින් භූමිය කොල්ල කන්න, ශ්‍රමය කොල්ලකන්න, වෙළඳපළ බලය අත්පත්කරගන්න උත්සහ කරමින් ඉන්නේ. ගාසා තීරයෙන් පටන් ගත්තම, යුක්රේනය, ලිබියාවේ ඉඳලා ඉරානය දක්වම අධිරාජ්‍යවාදී උවමනාවන් වෙනුවෙන් ලේ වැගිරීම් වෙනවා. දහස් ගණං අහිංසක ජනතාව මරා දැමෙනවා. මේ සියල්ල වෙන්නේ ඇමරිකාව, ඊශ්‍රායලය ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් නිසා. දැන් මේක හොඳටම ඇති. තෙල් සම්පත කොල්ලකන්න, ඛනිජ නිධි කොල්ලකන්න තියෙන කෑදරකමට පොඩි දරුවන්ගේ ඔළුව උඩට බෝම්බ අතහරින මේ නරුම ක්‍රමය අපි අවසන් කරන්න ඕන.
මේ නරුම බල වියරුව අවසන් කරන්න පුලුවන් එකම එක පාරක් විතරයි අපි ඉස්සරහා තියෙන්නේ. ඒ තමයි සමාජවාදය. ඒ නිසා තමයි එදා කියුබානුවන් අභිමානයෙන් ලෝකයට පේන්න ලිව්වේ සමාජවාදය නැත්තම් මරණය කියලා. ඔව් අපිත් අද හඬගාලා කියන්නේ ඒ අභිමානවත් වාක්‍යම තමයි. අනේ කෑ ගහන්න එපා ඇමරිකාව අපිටත් බෝම්බ ගහයි කියලා නිවට නියාලු වෙලා කොන්දක් පණ නැතුව ඉන්න ආණ්ඩුවක් අද අපිට තියෙන්නේ. කණගාටුවට කාරණය තමයි අද මේ ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු තමයි එදා අධිරාජ්යවාද්යට එරෙහිව 71 අරගලය මෙහෙයව්වේ. එදා සමාජවාදය නැත්තම් මරණය කියලා සඨන් කරපු ඒ සහෝදරවරුන්ගේ දේශපානලන අභිලාශයන් සියල්ල මේ ආණ්ඩුව පාවා දීලා ඉවරයි. ගිය අවුරුද්දේ අප්‍රේල් 5 වෙනිදා මේ ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. ඒ ගිවිසුම්වල තියෙන්නේ අපේ රටේ ආරක්ෂාව, බලශක්ති ස්වාධීපත්‍ය, නිදහස් සෞඛ්‍යය අයිතිය වනසන යෝජනා. අනිත් පැත්තෙන් ආණ්ඩුව ඇමරිකානු න්යාපත්රයක් තමයි කර තියාගෙන යන්නේ. ගාසා තීරයේ ළමයි මරණකොට, ඉරානයේ පාසල්වලට බෝම්බ ගහනකොට. ඒවට එරෙහිව ආණ්ඩුව එක වචනයක් කිව්වේ නෑ. අඩුමතරමින් සමාජවාදී කියුබාවට සම්බාධක දමමින් කියුබාව ආක්‍රමණය කරන්න ඇමරිකාව කරනු ලබන අයුක්ති සහගත මැදිහත්වීම් හෙළා දකින්නවත් බැරි තරමට මේ ආණ්ඩුව ඇමරිකානු ගැති වෙලා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.
හෘද සාක්ෂියට එකඟව මේ නරුමත්වය ඉදිරියේ නිහඬව ඉන්න අපිට පුලුවන් කමක් නැහැ. ඒ නිසා එදා 71 විරුවන් ගිය පාරේ යන්න අපි මොහොතකටවත් පසුබට වෙන්නේ නැහැ. මේ අධිරාජ්‍යවාදී බල වියරුවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් වැඩකරන පන්තියේ ජනතා බලයක් ගොඩනගන්න අපි සූදානම්. අපි සඨන් කරන්නේ ඒ වෙනුවෙන්. අපි මේ රටේ සියලු ජනතාවටත් ආරාධනා කරනවා මේ අරගලය වටා එකතුවෙමු කියලා. "