දුෂිතයි කියලා හංවඩුගැහුණ ආයතන මට කතාකරනවා දේශණ තියන්න…

මේ වන විටත් දුෂිත ආයතන ලෙසට ලේබල් වැදි ඇති ආයතන දැනටමත් සුපිලිපන්න භාවය පිලිබදව දේශණ පැවැත්විමට තමන්ට ආරාධනා කරන බව අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් විනිසුරැ රංග දිසානායක පවසයි.
උතුරැමැද පලාතේ දුෂණ විරෝධි පනත පිළිබදව රාජ්‍යය ආයතන නිළධාරින් දැනුවත් කිරිම සදහා පැවති වැඩමුළුවකදි මේ බව ඔහු අනාවරණය කලේය.
දුෂණය අතින් ලංකාව රටවල් 180 ක් අතරින් 120 වැනි ස්ංථානයේ ශ්රේණිගතවි ඇති බව දුෂණ සංගණන දර්ශකයේ ද සදහන් කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය.