ඉරාන නැවියන් මුණගැසුන මාධ්‍යවේදිනිය අත්අඩංගුවට ගැනිම හෙලාදකිනවා..
ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඉරාන නැවියන් මුණගැසිම හා එම සිද්ධිය පිලිබදව සත්‍යය තොරතුරැ දැනගැනිම සදහා ගිය ceylon today පුවත්පතේ මාධ්‍යවේදිනි සුලෝචනා රාමයියා මොහොන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිම පිපිබදව විරෝදය පලකරමින් නිදහස් මාධ්‍ය ව්‍යපාරය එම සිද්ධිය හෙලාදකින බව පවසයි.
මේ පිලිබදව ඇතිවු සිද්ධියේ දි ඉරාන තානාපති කාර්යාල නිළධාරියෙකු සිටියදි තොරතුරැ ලබාගැනිමට යාමේ දි ඇයගේ රාජකාරියට පොලිසිය බාධා කල බව නිදහස් මාධ්‍ය ව්‍යපාරය වෙතටද ඇය පැමිණිලි කර ඇත.
මෙම සිදුවිම නිදහස් මාධ්‍යය කටයුතු වල නිරත වන්නන්ට ඇති අයිතිය සිාමතාම අනවශ්‍ය ආකාරයට බාධා කර ඇති බවත් මේපිලිබදව අවධානය යොමුකරන ලෙසට ද ලපොලිස්පති වරයාගෙන් ඉල්ලා ඇති බව එම ව්‍යපාරය සදහන් කරයි.