සුළඟ වගේ ඇවිදින්
කතෘ:-දිනේෂ් කොළඹගේ
මිල රු.1650/=කි.
ජීවිතය යනු කෙතරම් නම් අවිනිශ්චිත වූ දෙයක්ද? කොතෙක් ආදරය කලද කොතෙක් නම් බලාපොරොත්තු තබා ගෙන අනාගතය දෙස බැලූවද ජීවිතය යනු අතිශයින්ම තණ අග පිණි වැන්නක් බව මේ සුළඟ වගේ නම් වූ කෘතිය කියා පායි.කුරුල්ලෙක් මෙන් වු සැහැල්ලු තරුණයෙකු සිය අධ්‍යාපනික ජීවිතය සිය යහලුවන් මෙන් සමඟ ගෙවන අයුරු අතිශයින්ම සරල ඕනෑම අයෙකුට පහසුවෙන් කියවිය හැකි අන්දමේ වචන හරඹයක් ඇති මේ කෘතියෙන් විනෝදය හා අත්දැකීම් සමඟින්ම ජීවිතය හා නොබිඳෙන ආදරය ගැන මනාවට කියාපායි.මෙම කෘතිය මේ වන විට හයවන මුද්රණවාරය වෙතට ලඟා වී තිබීමත් විශේෂත්වයකි.