ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 75 වන සංවත්සරය සමරයි.


ශ‍්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වු 75 වන සංවත්සර සැමරිම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා සම්ප්‍රදානූකූලව ආචාර පෙළපාලියක් අභිමානවත් අයුරින් පවත්වන ලදී. තවද 75 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද අද දින (2026 මාර්තු මස 02 වන දින) ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේදී සිදුකරන ලදි.

මෙහිදි කැඩෙට් නිලධාරීන් හා නිළධාරිණීයන් 43 දෙනෙකු අධිකාරියට පත් කිරිම ද, අධිකාරියට පත් නිලධාරින් 02 දෙනෙකු හට පියාසර නිල ලාංජන පැළඳවීම ද ගුවන් හමුදාපතිතුමා විසින් සිදුකරන ලදි.

ශ‍්‍රී ලංකාව තුල ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වු අතර ශ‍්‍රි ලංකාව ජනරජයක් ලෙස පත්විමෙන් අනතුරුව 1972 මැයි මස 22 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදි. ලක්අඔර සුරකින්නට ”සුරකිමු ලකඹර” උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 75 ක් තම මෙහෙවර මව් බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට හැකි විය.

ශ‍්‍රී ලාංකීය ගුවන් තලයේ නිත්‍ය ආරක්ෂකයා වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලක් ගුවන් තලය සුරකිනවා සේම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාව මුදවා ගැනිමේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු ඉටුකිරිම සදහා ද සුවිශේෂී දායකත්වයක් දක්වමින් මානුෂිය මෙන්ම නව තාක්ෂණ දැනුම හා වෘත්තිමය පරිණත භාවය මෙන්ම” සාමසාධක රාජකාරින් සඳහාද සක්‍රීය දායකත්වය ලබා දෙමින්, විනය ගරුක බවින් පරිපූර්ණව අභිමානවත් හමුදාවක් ලෙස තම කාර්යයන් නිසි ලෙස ඉටුකරන ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු ගුවන් හමුදාධිපතිවරුවන් 20 දෙනෙකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ වසර 75 ක් ශ‍්‍රී ලාංකීය ලකඹර සුරකිමින් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් ඉටු කලා සේම ඉදිරියටත් අප මාතෘ භූමිය සුරක්ෂිතකිරිම සදහා තම මෙහෙවර ඉටු කිරිමට සූදානමිනව සිටි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *