පුරඟනක්ද මා
එස්.එම්. කුමාරසිංහයන් විසින් ලියන ලද පුරඟනක්ද මා යන නවකතාව අප වෙසෙන සමාජයේ අතරින් පතර සෑම තැනකම ගැහැණියට මුහුණ පාන්නට සිදුවන අත්දැකීම් ඉතා සියුම්ව ගෙන හැර දක්වා තිබෙනවා.ගැහැණිය අසරණ වූ ඇසිල්ලෙන්ම ඇයට අසාධාරණයකම් හා කෙණෙහිලිකම් කරන්නට මාන බලනා ඇතැම් පිරිමින්ගේ නිරුවත ඉතා සූක්ෂ්මව කතුවරයා පාඨකයාගේ විමසීමට ගෙන ඇත.අරටුව ප්‍රකාශන ආයතනයේ ප්රකාශනයක් වන මෙය පිටු දෙසිය විසිතුනකින් සමන්විත පුරඟනක්ද මා යන නවකතාවේ මුද්‍රිත මිල වන්නේ රුපියල් හත්සිය පනහකි.මෙහි ප්‍රථම මුද්‍රණය 2023 නිකුත්ව ඇති අතර සරල භාෂාවකින් මෙය හැඩවී තිබීමත් සිත් ඇඳගන්නා සුලුයි.මේනකා යන ගැහැණු හදවත කෙතරම් දුක් වේදනාව උසුළාගෙන යන්නේද යන්න හොදින්ම කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබෙනවා.