37වසරක් කන්නන්ගරයට රැකවරණය දුන් පාලිතට විදුහල්පතිගෙන් ගරැබුහුමන්..

වසර තිස්හතක් තිස්සේ තම පණමෙන් සුරකිමෙන් බොරැල්ල සි.ඩබ්.ඩබ්.කන්නන්ගර විද්‍යාලයේ එහි දුවා දරැවනුත් ,විද්‍යාලයත් ආරක්ෂා කල පසුගියදා සිය සේවාවෙන් විශ්‍රාම ගිය ආරක්ෂක නිළධාරි පාලිත සිරිනන්ද එම විද්‍යාලයෙන් පසුගියදා සමුගත්තේය.
ඔහුට කෘතගුණ සලකමින් එහි විද්‍යලාධිපතිනිය වු ශිරාණි විජේතුංග විසින් වැද නමස්කාර කරමින් ඔහු පාසල වෙනුවෙන් කැපවිමෙන් කල සේවාව අගයමින් ඔහුට සුභාශිංෂණය කිරිමටද ඇය අමතක කලේ නැත.
එම සුවිශේෂි අවස්ථාව විශේෂ අවස්ථාවක් වු අතර එදින විශ්‍රාම ලැබු කවුරැත් හදුනන පාලිතට ජිවිතයේ කවදාවත්ම අමතකනොවන සිද්ධියක් බව ඔහු පවසයි.
ඔහු එම පාසලේ ආරක්ෂක නිළධාරියා ලෙසට විද්‍යාලයේ සේවයට වාර්තා කලේ වයස අවුරුදු 23දි 1988 වසරේදිය.
එතැන් පටන් ඔහු විශ්‍රාම යනතුරැ සිය රාජකාරිය නිසි ලෙසට හා අකුරටම ඉටුකල අයෙකු වු අතර ඔහුකල අවංක සේවය නිසාම කාගෙත් ගෞරවාදරයට පාත්‍ර විය.
ඔහු වෙනුවෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේදි ප්‍රණාම උලෙලක් සංවිධානය කර එහිදි වත්මන් විදුහල්පතිනියගේ ගරැබුහුමනට මෙලෙස කාගෙත් දැස් ඉදිරියේ ලක්විමද සුවිශේෂි අවස්ථාවක් විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *