මුතුරාජවෙලට විශේෂිත අධිකාරියක් ඕන…
මුතුරාජවෙල තෙත්බිම් කලාපය ආරක්ෂා කර ගැනිම සදහා විශේෂිත අධිකාරියක අවශ්‍යතාවය පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සදහන් කරයි.
පසුගියදා අගරදගුරු මැදුරේ පැවති මුතුරාජවෙල කලාපය රැකගැනීම සදහා සහ එහි ඉදිවන අනවසර ඉදිකිරිම් පිලිබදව පැවති සාකජ්චාවකදි උන්වහන්සේ මේබව වැඩිදුරටත් අනාවරණය කර ඇත.
මුතුරාජවෙල කලාපය දේශපාලන හා නාගරික සංවර්ධන අධිකාරියේ දේපලක් නොවන බවත් , එය ජනතාවට අයිති පොදු උරැමයක් බවත් සදහන් කල අතර මෙම කලාපය සදහා ප්ලාස්ටික් බෝතල් හා අපද්‍රව්‍ය දැමිම හේතුවෙන් නිරන්තරයෙන්ම දුෂණයට ලක්වන බව අගරදගුරැ හිමිපානන් වැඩිදුරටත් පැවසීය.