කතෝලිකයන්ගේ ආරක්ශකයා වූ සෙබස්තියන් මුනිතුමා ගැන තතු..

කතෝලික ජනතාවගේ ආදරයට මෙන්ම මහත් ගරුත්වයට භාජනය වූ සෙබස්තියන් මුනිතුමා ප්‍රංශයේ නර්බෝන් නුවර වංශවත් පවුලක උපත ලැබීය. ප්‍රංශයේ උපත ලැබුවද, ඔහුගේ මව්පියන් මිලාන්හි පදිංචිකරුවන් වූ බැවින් ඔහු හැදී වැඩුණේ ඉතාලියේ මිලාන් නුවරයි.
ඔහු කුඩා කල සිටම දැඩි කිතුනු භක්තියකින් යුතුව හැදී වැඩුණු අතර, මෙතුමාගේ මව කතෝලික දහමේ පෝශණය ගැන හා කතෝලිකත්වයේ වටිනාකම ගැන සිය කුඩා පුතුට නිතරම පැහැදිලි කර දෙන්නට වීය.ඇයගේ ඒ උත්සාහය සාර්ථක වෙමින් කුඩා සෙබස්තියන් වැඩිමහල් වන විට ඔහු කතෝලික භක්තියෙන් පරිපූර්ණත්වයට පත්ව සිටින්නට විය.මෙකල රෝම අධිරාජ්‍යය කතෝලික දහමට එරෙහිව නැගී සිටින්නට කටයුතු කරන කාලයක් වීය.කතෝලික දහම අදහන්නන් තලා පෙලා වද හිංසා කරන යුගයක් වීය.මෙම තත්වය ගැන ඉතා සෝදිසියෙන් බැලූ සෙබස්තියන් නම් තරුණයා,නිර්භීතව කතෝලික දහම අදහන්නන් වෙනුවෙන් ඔවුන් විදින තාඩන පීඩන වලින් ඔවුන් මුදා ගැනීම වෙනුවෙන් යමක් කරන්නට ඉදිරියට එන්නට මාවතක් සොයන්නට වීය.ක්‍රි.ව 283 පමණ රෝම නුවරට ගොස් අධිරාජ්‍යයාගේ යුද්ධ හමුදාවටද බැඳුණේය. කාලයක් සමඟ සිය රණකාමීත්වය සමඟින් උසස්වීම් ලබමිම් සිරගත කර සිටින කතෝලිකයන්ගේ සිරකුටිවලට ගොස් සුවදුක් විමසා ඔවුන් ධෛර්යයට පත් කර තිබිණි.
කාලයත් සමඟ මෙතුමා කතෝලිකයන් හා සමඟ සිටින බව දැනගත් අධිරාජ්‍යා මෙතුමාව නගරයෙන් පිටතට ගෙන ගොස් ඊතල විඳ මරා දමන ලෙසට නියෝග ලබා දීමෙන් පසුව සෙබළුන් විසින් එතුමාට ඊතල විඳ ඔහු මිය ගියා යැයි සිතා අතහැර දමා තිබියදී කතෝලික කාන්තාවක් සෙබස්තියන් මුනිතුමා තවමත් ජීවතුන් අතර සිටින බව දැනගෙන සාත්තු කර තිබූ බවත් සඳහන්වනවා.
කතෝලික විශ්වාසය කිසිදු ලෙසකින් පළුඳු වන්නට ඉඩ නොදී රැකගත් සෙබස්තියන් මුනිතුමාගේ ඇදහිල්ල සෙලවීමටත් නොහැකි නිසාවෙන් ඔහු ජීවත්ව සිටි අතර වීරත්වයෙන්ම සෙබස්තියන් මුනිතුමා දියෝක්ලේසියන් අධිරාජ්‍යයා වෙතට ගොස් තමාව දෙවියන්වහන්සේගලවා ගත් බව කියා තිබෙන බවත් සඳහන් විසින් සිය සෙබළුන්ට අණකොට නැවතත් එතැනම පොලු මුඟුරුවලින් ගසා එතුමා මරා දමා තිබෙනවා.මියගිය පසුව එතුමාගේ සිරුර කෙලාඅකා නමැති රෝමයේ ප්‍රධාන ගංගාවකට දමා ඇති අතර එහිදී එතුමාව කතෝලික කාන්තාවක් වූ ලුසියානා යන අයට දර්ශනය වී ඇති අතර ඇය තවත් පිරිසක් හා සමඟ එතුමාගේ සිරුර සෝදා පිරිසිදු කර වර්තමානයේ ද සාන්ත සෙබස්තියන් කැටකුම්බ් ය නමින් හැදින්වෙන ස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
අතිශයින්ම වීරෝධාරව හා නොබියව ජීවත් වූ මෙතුමා වර්තමානයේද වසංගත, බෝවන රෝග සහ තුවාලවලින් සුවය පතා එතුමා සිහි කරනු ලබනවා.කතෝලිකයන් විසින් සිය ග්‍රාමය ආරක්ෂා කරගැනීමට සෙබස්තියන් මුනිතුමාට ග්‍රාමය භාර දෙනු ලබන අතර දුණු හේවායන්ගේ ආරක්ෂයා ලෙසත් මෙතුමා අදහනු ලබනවා.සෙබස්තියන් මුනිතුමා කතෝලික හා ඕතඩොක්ස් සභාවල නිරන්තර ගෞරවයට ද ලක්වනවා.
සෙබස්තියන් මුනිතුමාගේ මංගල්‍ය ජනවාරි 20 වන දින සමරනු ලබන අතර කඳාන,කටුනේරිය,කටුවාපිටිය සහ මීගමුව වැල්ලවීදිය යන ප්‍රධාන දේවස්ථාන වල අතිශය භක්තියෙන් සමරනු ලබනා අතර ජනවාරි 25 වන දින මීගමුව වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 190 වෙනි වාර්ශික මංගල්‍යය පැවැත්වීමට සූදානම් කර තිබේ.දේවස්ථානයේ වාර්ශික කොඩිගස ඔසවන දින පටන් මංගල්‍යය දිනය දා වනතෙක්ම ජනතාව එකාමෙන් සැදී පැහැදී සිය ග්‍රාම ආරක්ෂකයාගේ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූලව ආගමික කටයුතු සිදුකරමින් මේ කාලය ගත කරනු ලබනවා.මෙතුමාගේ ජීවන ගමන පුරාවටම එතුමා තුළ තිබූ නොසැලෙන ගුණය අප අපගේ ජීවත තුළටද ලබා ගත යුතු බව මෙයින් පැහැදිලි වනවා.

සටහන:-ඈන් මිලිනි රෝශිනී

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *