අධ්‍යපන ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල සකස්විය යුත්තේ සමාජයේ ඉදිරි වර්ධනයට ගැලපෙන විදියටයි…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දුටු – නොදුටු පැති ” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණය අද ( 2026.01. 23 ) දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැතිවිණි.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ.
"මේ ආණ්ඩුව මේ වෙද්දි කටයුතු කරමින් ඉන්නේ තමන්ගේ අතීත වටිනාකම්වල බලය පාවිච්චි කරමින් කියන එක දැන් හොඳටම පැහැදිලියි. බලය ගන්න කලින් විපක්ෂයේ ඉන්නකොට දිනාගෙන තිබුණු මහජන විස්වාසය අමු අමුවේ පාවිච්චි කරල ආණ්ඩුව දැන් සියලු පාවාදීම් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේකට හොඳම උදහරණය තමයි මේ වෙද්දි සාකාච්ඡා වෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ වැඩපිළිවෙළ. ජනතාව ඉල්ලපු අධ්‍යාපනයේ බරපතළ වෙනස වෙනුවට රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා අරං එන්න උත්සහ කරලා ජන බලයෙන් පරද්දවපු නවලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්තියට NPP සීල් එක ගහලා ක්‍රියාත්මක කරන්න තමයි ආණ්ඩුව උත්සහ කලේ. අඩුමතරමින් මේ ප්‍රතිසංස්කරණ යෝජනා කරන අධ්‍යාපන අමාත්‍යවරියවත් දන්නේ නෑ මේ කරන්න යන ප්‍රතිසංස්කරණ මොනතරම් බරපතළද සහ එහි ප්‍රතිඵලය කෙබඳු වෙයිද කියලා.
අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පුළුල් වෙනසකට භාජනය විය යුතුයි කියන ස්ථාවරයේ තමයි ඉන්නේ. හැබැයි ඒ වෙනස රටේ සමස්ත අධ්‍යාපනයම කාබාසිනියා කරන තැනකට වැටිය යුතු නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සකස් විය යුත්තේ සමාජයේ ඉදිරිගාමී වර්ධනයට ගැළපෙන විදිහට. හැබැයි දැන් ආණ්ඩුව ගෙනල්ලා තියෙන්නේ එහෙම ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. අධ්‍යාපනයේදී අනිවාරෙන් භෞතික සහ මානව සම්පත් සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකර අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් ගැන කතාකරලා වැඩක් නැහැ. මොකද අපි දන්නවා ලංකාවේ පාසල් අතර තියෙන්නේ අහසට පොළොව වගේ විශාල ඇති නැති පරතරයක්.
ලංකාවේ සමස්ථ පාසල්වලින් 38%ක විශාල ඩෙස් පුටු හිඟයක් තියනවා. මේ සංඛ්‍යාව වතුකරයේදී 60%කට වැඩියි. බීමට සුදුසු පානීය ජලය නොමැති පාසල් තියනවා සමස්ථ පාසල්වලින් 27%කට වැඩියි. විදුලිය නැති පාසල් ප්‍රමාණය 35%කට වැඩියි. මෙහම විෂමතාවක් සහිත පාසල් පද්ධතියකට තමයි ආණ්ඩුව නව ප්‍රතිසංස්කරණ ගේන්න සූදානම් වෙන්නේ. අපි දන්නවා හැත්තෑ අටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 සහ 28 පරිච්ඡේදවල රජයේ වගකිම සහ නන්වැදෑරුම් නිදහස කියන කොටසේ පැහැදිලව තියනවා අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා සියලු දෙනාට සමාන අයිතිය තියෙන්න ඕන කියලා. හැබැයි මෙහෙම විෂමතාවක් තියෙද්දි කොහොමද අධ්‍යාපනයේ සමාන අවස්ථා ලැබෙන්නේ. භෞතික සම්පත් විතරක් නෙවෙයි අද පාසල් පද්ධතිය තුළ බරපතළ විදිහේ ගුරු හිඟයකුත් ඇතිවෙලා තියෙන්නේ. රටේ බහුතරයක් පාසල්වල ප්‍රමාණවත් ගුරුවරු නැහැ. ලංකාවේ සමස්ථ ගුරු හිඟය 38,000කට වැඩියි.
අපි දන්නවා ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයම පිළිගන්නවා මේ සම්පත් විෂමතාව ලංකාවේ පාසල්වල ශිෂ්‍යයන්ගේ කුසලතා ඇගයීමේදී බලපානවා කියලා. එක ජාතික ඇගයීමකින් සියලු දෙනාව ඇගයීමට ලක් කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබා දෙන්න පුලුවන් කමක් නෑ. ඒ නිසා තමයි කටවුට් මාර්ක් සඳහා දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් හදලා තියෙන්නේ. අපි අහන්නේ ඇයි ආණ්ඩුවට බැරි මෙන්න මේ විෂමතාව නැති කිරීම සඳහා සියලු පාසල් සංවර්ධනය කරන වැඩපිළිවෙළක් හදන්න. ආණ්ඩුව මේ කරන්නේ අහසේ යන ප්ලේන් එකකට බිම ඉඳල තෙල් ගහනවා වගේ තේරුමක් නැති වැඩක්. ආණ්ඩුවට අමතකවෙලා මේ ප්ලේන් එක අහසේ යන්නේ ළමයි ලක්ෂ 40ක ජීවිත අතේ තියාගෙන කියන කාරණය.
දැනට පාසල් පද්ධතියේ සමස්ථ ගුරු හිඟය 38,000කට වැඩියි. ගුරු උපදේශකයින් 4000කගේ හිඟයක් තියනවා. වැඩිම ගුරු හිඟයක් තියෙන්නේ ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව විෂයන්වලට. මෙහෙම තත්වයක් ඇතුලේ කොහොමද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පාසල්වලට ගේන්නේ ? අනිත් එක තමයි ලංකාවේ එක පරිගණකයක් හරි තියන පාසල් දෙදහක්වත් නෑ. ගම්වල දරුවන්ට කිසිඳු තාක්ෂණික පහසුකමක් නෑ. මෙච්චර ලොකු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේනවනම් මුලින්ම කරන්න ඕන මේ මේ භෞතික සහ මානව සම්පත් වර්ධනය කරලා අධ්‍යාපනයේ විෂමතාවය අහෝසි කරන එක. හැබැයි අපි දන්න විදිහට 2026 අයවැයෙන් ඒ සඳහා අලුතින් එක රුපියලක්වත් ආණ්ඩුව වෙන් කරලා නෑ. අඩුමතරමින් දැන් එකවසරට අළුත් සිලබස් යටතේ උගන්වන්න නම් පන්තිකාමරවලට ඕන වෙනවා ඩිජිටල් තිර. මේ අඩුම ඩිජිටල් තිරයක් වුණත් ලක්ෂ 3ක් වෙනවා ලංකාවේ සමස්ථ පාසල් ප්‍රමාණය 10,000ක්. මේ එක පාසලකටවත් අපි දන්න විදිහට ආණ්ඩුව ඩිජිටල් තිර ලබා දෙන්නේ නෑ. අන්න ඒ නිසා සමහර පාසල්වල අම්මල තාත්තලගෙම් රුපියල් දහපහලොස් දාහක් එකතු කරනවා ඩිජිටල් තිර ගන්න. දුප්පත් ග්‍රාමීය දරුවන්ගේ දෙමව්පියන්ට මේ බර දරන්න පුලුවන් කමක් නෑ. ඒ නිසා වෙන්නේ ඒ පාසල්වල අධ්‍යාපනය කඩා වැටෙන එක.
මේ ප්‍රශ්නය වගේම තමයි ආණ්ඩුව මේ ගේන්න උත්සහ කරන ඩිජිටල් අධ්‍යාපනය ගැනත් අපිට තියෙන්නේ බරපතළ විවේචනයක්. අපි නව තාක්ෂණය ගේන එකට විරුද්ධ නෑ. හැබැයි මේ ඩිජිටල්කරණය තුළින් වෙන බරපතළ තර්ජයනය මේ වෙලාවේ සලකුණු කරන්න ඕන. අපි දන්නවා දුරකතන සහ පරිගණක ආශ්‍රයෙන් කොරෝනා කාලේ ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට උගන්වපු එක ගැන දැන් එංගලන්තය පසු කම්පනයට පත්වෙමින් ඉන්නවා. ඔවුන් කියන විදිහය ස්මාට් තිරවලට හුරු වීම නිසා දරුවන්ගේ පෞර්ෂත්වය නිර්මාණශීලී හැකියාව සම්පූර්ණයෙන් මොටවෙලා. ඒ නිසා දැන් ඔවුන් සූදානම් වෙනවා ඒ දරුවන්ව නැවත පුනරුත්ථාපනය කරන්න. අද ජර්මනිය පන්තිකාමරවලින් ප්ලග් පොයින්ට් පවා ඉවත් කරනවා. ලංකාව මේ කරන්න යන ගොන්කම මීට අවුරුදු ගාණකට කලින් කරපු යුරෝපයේ දියුණු රටවල් දැන් නැවත ආපස්සට හැරෙමින් ඉන්නේ. ඔවුන් නැවත කලු ලෑල්ලට හුණු කූරට වැඩි බරක් දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ලෝකේ යන දිශානතිය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා.
ඇත්තටම ආණ්ඩුව මේ කඩිමුඩියේ ප්‍රතිසංස්කරණ ගේන්නේ දරුවෝ ගැන හිතලා නෙවෙයි. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළොත් විතරයි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදල ලැබෙන්නේ. ඒක ගන්න ඕන නිසා තමයි කඩි මුඩියේ මේ ප්‍රතිසංස්කරණ ගෙනාවේ. අදටත් මේ ප්‍රතිසංස්කරණ හදපු කමිටුවක් නෑ. කමිටු වාර්තාවක් නෑ. ශිෂ්‍යයාව ගෙනියන තැන ගැන අදහසක් සියලු පන්තිවල අවසන් විශය නිර්දේශයක් තාමත් හදලා ඉවර නෑ. අඩුමතරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ගිය එක වසරට සහ හය වසරට මොඩියුල හදලා තියෙන්නෙත් පළමු වාරයට විතරයි.
ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලන්නේ ලංකාවේ ඉන්න මුදලාලිල ටික. ලක්ෂ 40ක් ළමුන්ට ෆෝන් ටික විකුණගන්න ඩේටා කාඩ්ටික විකුණගන්න ඩේටා මුදලාලිලා බලාගෙන ඉන්නවා. ගුරුවරු නැතුව පහසුකම් නැතුව අර්බුදයට යන පාසල්වල දරුවන්ව බිලී බාගන්න ටියුශන් මුදලාලිලා බලාගෙන ඉන්නවා. අනික් පැත්තෙන් රාජ්‍ය පාසල් පද්ධතිය අර්බුදයට යවලා පෞදගලික පාසල් හදලා අධ්‍යාපනය විකුණන්න කළුකඩ මුදලාලිලා බලාගෙන ඉන්නවා. මේගොල්ලො තමයි අනුර දිසානායකගේ උපදේශක විදිහට වැඩ කරන්නේ. ඒගොල්ලන්ට වාසි වෙන්න තමයි ආණ්ඩුව මේ ප්‍රතිසංස්කරණ ගේන්නෙ දතකන්නේ.
අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඒකට ඉඩ දීලා අතපිහදගන්න සූදානම් නෑ. රටේ දරුවන්ගේ සහ සමාජයේ ඉදිරිගාමී වර්ධනය සඳහා නව තාක්ෂණය වගේම අධ්‍යාපනයේ උදාර අරමුණු සුරක්ෂිත වන අධ්‍යාපන ක්‍රමයක් රටට ඕන කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ වගේම සියලුදෙනාටම සමාන අධ්‍යාපන අවස්ථා ලැබෙන්න ඕන. අන්න ඒ තත්වය දිනාගන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි සඨන් කරන්න සූදානම් "