පරපුරට හඩක් සමාජ වැඩ ව්‍යාපෘතිය 2026
වර්තමාන සමාජයේ පුද්ගලයින්ට මාධ්‍ය පිළිබඳ නිවැරදි දැනීමක් , නව තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් , මාධ්‍ය සාක්ෂරතාවය ලබාදීම අත්‍යාවශ්‍ය කරුණකි.
ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශය හරහා පාසල් මට්ටමෙන් මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රචලිත කිරීම අරමුණු කොටගෙන සුවිශේෂී ව්‍යාපෘතියක් 2026 ජනවාරි 9 වන දින සාර්ථක ව නිම කරන්නට විය.
“පරපුරට හඬක්” යන මෙම ව්‍යාපෘතිය හරහා සියලු උපකරණ සහිත මාධ්‍ය ඒකකයක් සකස් කර හලාවත , ආරංචිකට්ටුව විජය කටුපොත විජය මහා විද්‍යාලය වෙනුවෙන් එම පාසල් පරිශ්‍රය තුළ දී සිසු අයිතියට පත් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය කැලණිය විශ්වවිද්‍යාලීය ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ගෞරව උපාධි දෙවන වසර විද්‍යාර්ථීන්ගේ මූලිකත්වයෙන් සිදුකරන ලද අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණ කටයුතු එම අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහතා ප්රමුඛ අධ්‍යනාංශ කථිකාචාර්ය , සහකාර කථිකාචාර්ය මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
සටහන
එන්.පුනාරා සෙන්මල්