BOAT & MARINE SHOE 2026 පොර්ට් සිටියෙන් ඇරඹිමට සුදානමක්..

ලංකාවේ විශාලතම ජාත්‍යාන්තර නෞකා ප්‍රදර්ශණය වන BOAT & MARINE SHOE 2026 පොර්ට් සිටි හිදී ආරම්භ කිරිමට කටයුතු සුදානම් වෙමින් පවති.
ඒ පිලිබදව මාධ්‍යය දැනුවත් කිරිමක් පසුගියදා සිනමන් ග්‍රැන්ඩ් හෝටල් පරිශ්‍රයේදි පැවැත් වු අතර ,මෙම වෙළද ප්‍රදර්ශණය 2026 ජනවාරි 30 දා සිට පෙබරවාරි 1දා දක්වා සවස 3.00 සිට රාත්‍රි 10.00 දක්වා පෝර්ට් සිටි හිදී පැවැත්වෙන බව සදහන් වේ.
මෙය දකුණු ආසියාවේ ප්‍රමුඛතම බෝට්ටු උත්සවයක් බව ද සදහන් වන අතර මුල්ම ප්‍රදර්ශණය 2008 වසරේදි ආරම්භ කල බවත් මෙවර පැවැත්වෙන්නේ අටවන වතාවට බවද සදහන් වේ.
මේ ප්‍රදර්ශණය සදහා ඉන්දියාව,සිංගප්පුරැව,මාලදිවයින ,බෙල්ජියම ,කොරියාව,එක්සත් රාජධානිය,ජර්මනිය,නෙදර්ලන්තය,සිසෙල්ෂ් ආදි වු රටවල් රැසක්ම සහභාගි විමටද නියමිතව පවතින බව එහි සංවිධයකයින් පවසයි.
මේ සදහා වු ගිවිසුම්ගතවිමද මෙහිදි සිදුවු අතර මේ සදහා මුලිකත්වය ගෙන ඇති සමාගම් සහ විෂය භාර අමාත්‍යය සුනිල් හදුන්නෙත්ති මහතා අතර සිදුවිය.