දයාසිරිගේ වියරැ ප්‍රකාශයට එරෙහිව සිවිල් සංවිධාන පෙල ගැසේ..
පාර්ලිමේන්තු මංත්‍රි දයාසිරි ජයසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදි කල සිවිල් සංවිධාන ඉලක්ක කර ගනිමින් කල සහාසික සහ වෛරී ප්‍රකාශය හේතුවෙන් එම සංවිධාන මාධ්‍යය හමුවක් පැවැත්විය.
එහිදි ඒ පිලිබදව හෙලා දකිමින් එම ප්‍රකාශය සමස්ත සිවිල් සංවිධාන සදහා සෘජුවම බලපාන බවත්,එය ඉවත්කරගන්නා ලෙසද එම සංවිධාන ඉල්ලා සිටියි.
මේ සදහා ඩාබිදු සාමුහිකය,නිතිය හා සමාජභාරය,ස්ටැන්ඩ් අප් මුමන්ට් සහ මානව හිමිකම් ක්‍රියාකාරින් මෙහිදි සිය විරෝධය පල කල අතර එහිදි ස්ටැන්ඩ් අප් මුමන්ට් හි අශිලා දන්දෙණිය අදහස් මෙලෙස දැක්විය.