කළු ලෝක තැපැල් දිනයක්..

අදට යෙදි ඇති ලෝක තැපැල් දිනය මෙවර තැපැල් වෘත්තිය සමිති විසින් තැපැල් ඉතිහාසයේ පලමු වරට කළු ලෝක තැපැල් දිනය ලෙසට නම්කර ඇති බව තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සහ තැපැල් නිධාරින්ගේ සංගමය ප්‍රකාශ කර සිටි.

මෙවර ලෝක තැපැල් දින සැමරැම් වැඩසටහනට සහභාගි විම තැපැල්වෘත්තිය සමිති විසින් ප්‍රතික්⁣ෂේප කරන බවත් සදහන් වන අතර ආණ්ඩුවට සම්බන්ධ වෘත්තිය සමිතිය පමණක් එම අවස්ථාව නියෝජනය කිරිමට නියමිත බව සදහන් වේ.

අප වෙත කරැණු දක්වමින් වෘත්තිය සමිති සදහන් කරන්නේ තැපැල් පරිපාලනය විසින් දිගින් දිගටම තැපැල් සේවකයින්ට මාධ්‍යය හරහා කරනු ලබන අඩම්තේට්ටම් සහ අනීතික බලපැම් සාධාරණ නොවන බැවින් මෙවර ලෝක තැපැල් දිනයට සහභාගි විම ප්‍රතික්⁣ෂේප කරන බවයි.

අද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරැවේ ඉදිරිපිට තැපැල් පරිපාලනයට එරෙහිව කළුපටි බැද කැම පැයේදි විරෝධතාවය අරබන බවත්,මිට අමතරව ප්‍රාදේශිය වශයෙන් තැපැල් කාර්යාල මුල්කර ගනිමින් විරෝදතාවයන් දක්වන බව වෘත්තිය සමිති පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *