හෝමාගම දියගම උණහපුළු වන්ගේ නිහඩ සටන…
මේවන විටත් ක්‍රිඩා අමාත්‍යංශයේ සන්තකයේ පවතින හෝමාගම දියගම වනාන්තරය ලංකාවට සුවිශේෂි වුවද මේ සදහා පාලකයින්ගේ නිසි අවධානය ලක්කර වනජිවි දෙපාර්තමේන්තුවට ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රජයේ ගැසට්පත්‍රයක් මගින් පවරා එහි සිටින සුවිශේෂි වු දුර්ලභ සත්ව විශේෂත්වයන් ආරක්ෂා කර දෙන ලෙසට වත්මන් ජනාධිපති වරයාගෙන් ඉල්ලීමක්කරමින් අද වනාන්තරය අභියස දිනිහඩ විරෝධතාවයක් පැවැත්විය.
ලංකාවට ආවේනිකවු එහෙත් කිසිදු වැසි වනාන්තරයක නැති “රතු උණහපුළු” සත්වයින් මෙම වනාන්තරය තුල 50 දෙනෙකු සිටිම මෙහි ඇති විශේෂත්වයක් වන බව එම ප්‍රදේශයේ ජනතාව සහ මේ පිලිබදව අධ්‍යනයක නිරතව සිටි green jakat පරිසර සංවිධානය පවසයි.
මෙම භුමිය තුල වෙනත් ඉදිකිරිම් කිරිමටඉ සැලසුම්කර තිබු බවත් එයවහාම නවතා මෙය වනාන්තරයක් ලෙසට නම්කර එය ආරක්ෂා කරදෙන ලෙසට එම පරිසර සංවිධාන ඇතුළු දියගම ජනතාව රජයෙන් ඉල්ලිමක් කරන බවද සදහන් වේ.