බොරැල්ල පොලීසියේ නීතිය නිදැල්ලේ..
බොරැල්ල පොලිසියේ දි තරැණයකුට මිනීමැරුමකට වගකීම තමන් භාරගතයුතු බවට තර්ජනය කරමින් ඉතාමත් අමානුෂික ලෙසට පහර දි ඇති අතර මේ වන විට ඒ සම්බන්දයෙන් අදාල පොලිස් අධිකාරි කාර්යාලය මගින් විශේෂ විමර්ශණයක් අරබා ඇත.
එසේ පහරකැමට ලක්ව ඇත්තේ නවගමුවේ සිදුවු ඝාතනයක් සම්බන්ධයෙන් ලහිරැ මධුෂාන් නම් තරැණයාට වන අතර මොහු පහරකැමටලක්ව ඇත්තේ පොලිසිය තුල අපරාධ අංශයේ ස්ථානාධිපති වරයාගේ කාමරය අසලදි බව සදහන් වේ.
එසේම පසුගියදා බොරැල්ල සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි තවත් සිද්ධියක් අනාවරණය වි ඇති අතර බොරල්ල පොලිසියේ තාවකාලික මුරපලක් අසලදි පාසල් සිසුවකුගේ බැගය පරික්ෂා කල නිළධාරින් එහි තිබු රැපියල් 300 ද පැහැරගෙන ඇති බවද එම රැස්විමේදි අනාවරණය වි ඇති බවද සදහන් වේ.