ඊශ්‍රායලය සමග රජය සම්මුති ගතවිම පිලිකුල් සහගතයි..
පලස්තිනයට නිදහස උදෙසා වු ලාංකිය ව්‍යපාරය විසින් අද විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක් පැවැත්විය.
එහිදි මාධ්‍යය වෙත අදහස් දක්වමින් විරෝධතා කරැවන් කියා සිටියේ පසුගිය රජය මෙන්ම පවතින රජයද ඊශ්‍රායලය සමග ගිවිසුම් ගත වෙමින් කටයුතු කිරිමද එතරම් සුභදායක නොවන බවකි.
පලස්තින අර්බුදය සම්බන්දයෙන් ඊශ්‍රායලය ගෙනයන පිලිවෙත හෙලාදකින බවත්, ඊශ්‍රායලය සමග ගණුදෙනු ආරම්භ කිරිම පිලිකුල් සහගත කරැණක් බවද ඔවුන් පවසයි.
එම නිසා නව රජය ඊශ්‍රායලය සමග ගණුදෙනු ආරම්භ කිරිම ගැන තමසංවිධානය සැහිමකට පත් නොවන බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.