මාමඩුව පොලිසියට එරෙහිව පෙරටුගාමින් මානව හිමිකමට යයි..
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රියාකාරිකයන්ට එරෙහිව පවතින බාධාකාරී තත්වයන් හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අද(29), පෙ.ස.ප. ක්‍රියාකාරින් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරණ ලදී.
දෙසැම්බර් 16 වැනිදා වවුනියාව ප්‍රදේශයේ දේශපාලන කටයුතු කරන ජගත් කිත්සිරි නවරත්න සහෝදරයා, කිසිදු සාධාරණ හේතුවකින් තොරව කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර මාමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම, මෙම පැමිණිලි කිරීමට ආසන්න හේතුව විය.
මෙහිදී අදහස් දැක්වූ චන්දන සිරිමල්වත්ත සහෝදරයා පළ කළ අදහස් මෙසේය. “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වවුනියාව ප්‍රදේශයේ දේශපාලන කටයුතු කරන ජගත් කිත්සිරි නවරත්න සහෝදරයා, දෙසැම්බර් 16 වැනිදා උදයේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර මාමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින්ට විරුද්ධව යුක්තිය ඉටු කරන ලෙසත් දේශපාලන කටයුතුවල නිරතවන සහෝදරවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත් මානව හිමිකම් කොමිසමෙන් අප ඉල්ලා සිටියා.
වත්මන් මාලිමා ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර මෙන්ම මහමැතිවරණයට පෙර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) ඇතුලු මර්දන නීති අහෝසි කරන බවටත් පොදුවේ රට තුළ මූලික අයිතිවාසිකම් කඩ කෙරෙන පෙර ආණ්ඩු විසින් පවත්වා ගෙන ගිය අනීතික පියවරයන් වහා අහෝසි කරන බවටත් පොරොන්දු වුණා. ඒත් මේ වනවිට PTA වෙනුවට ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ (PSTA) යන නමින් වඩාත් වියරු නීතියක් හඳුන්වා දෙන්නට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.
මෙම පසුබිම තුළ දේශපාලනය කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා මතයක් දැරීමේ අයිතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් ගණනාවක් අතරට ජගත් කිත්සිරි නවරත්න සහෝදරයාගේ මානව හිමිකම් කඩකිරීමද ඇතුළත් වෙනවා. මේ සියල්ල සිදුවන්නේ විරෝධතාවලට එරෙහි පොලිස් බාධාකිරීම්, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් හා ව්‍යාජ චේදනා යටතේ නඩු පැවරීම් මෙන්ම විශේෂයෙන්ම උතුරේ ජනතාවට යුද සමය තුළ පැවැති ශාරීරික හිරිහැර, මානසික පීඩාවන්, මර්දනකාරීත්වය ඒ ලෙසින්ම මුහුණ දෙන්නට සිදුව ඇති, සෙසු ප්‍රදේශවලට අදාළවද පොලිස් මර්දනයේ වෙනසක් නොමැති තත්වයක් තුළයි.
එම නිසා වහාම මෙම මර්දන නීති අහෝසි කරන ලෙසත් පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලින් පවත්වා ගෙන යන මර්දන යාන්ත්‍රනයන් වහා අහෝසි කරන ලෙසත් මෙම සිදුවීමට අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙසත්, නැවත මෙවැනි මානව හිමිකම් කඩකිරීම් සිදු නොකරන බවට සහතික වන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් අපි ආණ්ඩුවට බලකරනවා.”