ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි මැදිහත්විම නව ත්‍රස්ත පනතෙන් එලියට..

නව ත්‍රස්ත පනත, හදිසි නීතිය ඇතුළු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත්වීම් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ( 2025. 12. 28 ) දින පස්වරු 2.00ට නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

” දිට්වා ව්‍යසනයෙන් සමාජයම හිරිවැටිලා ඉන්න වෙලාවක ජාතික ජන බලවේග ආණ්ඩුව නව මර්දන පනතක් සම්මත කරගන්න. අපි දාන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන පොරොන්දුව එක්ක. හැබැයි දැන් PSTA නමින් කලින් තිබුණටත් වඩා භයානක මර්දන පනතක් තමයි මේ ගේන්න සූදානම් වෙලා ඉන්නේ. මේක ඉතාම බරපතළ ලෙස මේ සමාජයට බලපෑම් කරන්න ගෙනාව පනතක් කියලා හොඳටම පැහැදිලියි.
මේ අළුත් පනතට අනුව ත්‍රස්ත ආණ්ඩුවට යම් දෙයක් කිරීමට නොකර සිටීමට බලපෑම් කරනව නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට තමයි නම් වෙන්නේ. එහෙම බැලුවම කවුරුහරි ආණ්ඩුවට කිව්වොත් විනාශකාරී IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න කියලා එයාව ත්‍රස්තවාදියෙක් කියලා අත් අඩංගුවට ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි පිටරටක ආණ්ඩුවකටවත් එහෙම යම් දෙයක් ගැන බලපෑම් කරන්න බෑ. මේකට අනුව කවුරුහරි කිව්වොත් ඉන්දියානු ආණ්ඩුවට වහාම ලංකාව එක්ක අත්සන් කරපු ගිවිසුම් අහෝසි කරන්න කියලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. එතකොට ඉතාම පැහැදිලියි මේ පනත ගෙනල්ලා තියෙන්නේ මේ රාජ්‍යය ආරක්ෂා කරන්න නෙවෙයි. ආණ්ඩුවට එරෙහි විවේචන යටපත් කරන්න තමයි මේ පනත අරගෙන එන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ
දැන් මේ පනත අනුව රැඳවුම් නියෝග අත්සන් කිරීමේ බලය දීලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට. ආරක්ෂක ලේකම් කියන්නේ ජනතාවට වග කියන නියෝජිතයෙක් නෙවෙයි. ඔහු පත්වෙන්නේ දේශපානලන සම්බන්ධකම් එක්ක. දැන් එහෙම කෙනෙක්ට තමයි අධිකරණය සතු පුද්ගලයින් රඳවා තබා ගැනීමේ බලය දෙන්න යන්නේ. අනිත් එක තමයි මේකේ 56 වගන්තියට අනුව අත් අඩංගුවට ගත්ත පුද්ගලයට බලපෑම් කිරීමේ අයිතිය ලැබෙනවා නීතිපතිවරයාට. ඔහුට පුලුවන් අත් අඩංගුවේ ඉන්න පුද්ගලයට ගිහින් කියන්න ඔයා වැරද්ද පිළිගත්තොත් අවුරුදු දෙකක් පුනරුත්ථාපනය කරලා එළියට දාන්න. වරද පිළි ගන්නෙ නැත්තම් ඔයාව අවුරුදු 10කට හිරේ දානවා කියලා බලපෑම් කරන්න පුලුවන්. එහෙම නැත්තම් මේකේ තියනවා සැකකරුට පුලුවන් නීතිපති එක්ක ඩීල් එහෙකට එන්න. ඊටපස්සෙ නීතිපති තීරණය කරනවා ඔහුට නඩු දාන්නෙ නෑ කියලා. එහෙම කරලා සැකකරුගේ නඩුව අවුරුදු 20කට අත් හිටුවල ගෙදර එවනවා. මොනවද මේ නීති ?
මේ පනතේ 63 වගන්තිය අනුව ජනාධිපතිවරයාට පුලුවන් ඕනෑන සංවිධානයක් තහනම් කරන්න. එහෙම තහනම් කරන එකට කවුරුහරි විරුද්ධ වුණොත් ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් මේ පනත සම්මත වුණොත් විශේෂ තත්වයක් නැතුව පවා හමුදාවට පුලුවන් ඕන ඕන විදිහට ගෙවල්වලට පැනලා සෝදිසි කරන්න. මෙච්චර කල් පොලීසිය පවා සෝදිසි කිරීමකට එන්න ඕන අධිකරණ අවසරයක් එක්ක. හැබැයි දැන් අධිකරණ අවසරයක් නැතුව ගෙවල්වලට පනින්න හමුදාවට බලය ලැබෙනවා.
අනික් පැත්තෙන් පොලීසිවල ඉන්න OIC ට පුලුවන් කම ලැබෙනව ඕන කෙනෙක්ගෙ ජංගම දුරකතන, යවපු මැසේජ් ගත්ත කෝල් ඕන වෙලාවක පරීක්ෂා කරන්න. මේ පනතෙ කියන විදිහට නිළධාරියෙක් එහෙම ඉල්ලීමක් කලොත් අධිකරණයට බැහැ ඒක මගහරින්න. දැන් ආණ්ඩුව පහුගිය කාලේ ඩිජිටල් ඩිජිටල් කියාගෙන දැඟලුවේ මේකට තමයි. මේ හදන්නේ අපි යන්නේ කොහෙද සම්බන්ධකම් තියෙන්නේ කා එක්කද මේ ඔක්කොම ගැන හැමවෙලාවෙම සෝදිසියෙන් ඉන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ පනත සම්මත වුණොත් කවුරුහරි කෙනෙක් අහවල් දවසේ අහවල් වෙලාවට ගෝල්ෆෙස් එකේ උද්ඝෝෂණයක් තියනවා ඒකට එන්න කියලා Face book පෝස්ට් එකක් දැම්මොත් එයාව ගන්න පුලුවන් ත්‍රස්තවාදීයෙක් විදිහට අත් අඩංගුවට. අර පහුගිය කාලේ මේකට තමයි ඩිජිටල් ඩිජිටල් කියාගෙන ආණ්ඩුව දැඟලුවේ. නැත්තම් මේ මිනිස්සුන්ගේ ඩිජිටල් පහසුකම් දියුණු කරන්න ඇත්ත වුවමානාවක් ඔය කාටවත් නෑ.මොකද අපි දැක්කා ජනාධිපතිවරයාගේ ඩිජිටල් උපදේශකයා කියා ගත්ත කෙනාගේ ටෙලිෆෝන් සමාගමේ සිම් එකක්වත් පහුගිය ව්‍යසනය වෙලාවේ වැඩ කළේ නෑ. ඒ නිසා තමන් විපතට පත්වෙලා කියලා අදාල බලධාරීන්ට දැනුවත් කරගන්නවත් විදිහක් නැතුව සිය ගාණක් මිනිස්සු මැරුනා. ඒවා ගැන මුකුත් කතාවක් නෑ ඒ උනාට මිනිස්සු ෆේස්බුක් දාන්නෙ මොනවද කතාකරන්නේ කා එක්කද වගේ ඒව හොයන්න පනතකුත් අරගෙන ඇවිල්ලා.
මේක ඉතාම බරපතළ තත්වයක්. අපි රටේ ජනතාවට කියනවා මේ පනත සම්මත කරන්න කිසිසේත්ම ඉඩ දෙන්න එපා කියලා. මොකද මීට කලින් ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ගෙනාවේ මාස හයෙන් අහෝසි කරනවා කියලා. හැබැයි අදටත් ඒ පනත අහෝසි වෙලා නෑ. ඒ නිසා මේ පනතත් ඒ වගේ කතන්දර කියලා ගේන්න ආණ්ඩුව උත්සහ කරයි. මාව විස්වාස නැද්ද ආණ්ඩුව විස්වාස නැද්ද වගේ කතා කිය කිය මේ රටේ සමස්ථ ජනතාවගේම කට බඳින්න තමයි මේ පනත අරගෙන එන්නේ. හැබැයි අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඒ මර්දනයට ඉඩ දෙන්න සූදානම් නෑ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මේ ජනතාද්‍රෝහී පනත අහෝසි කරන්න වහාම මැදිහත් වෙමු කියලා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *