නත්තල් දිනය දා සිරකරැවන්ට සමාව නොදිම ගැන අධිකරණ අමාත්‍යංශය වාර්තාවක් ඉල්ලයි..
නත්තල් දිනය දා ඉතිහාසයේ පලමු වතාවට සිරකරැවන් සදහා ලබාදෙනු ලබන පොදු සමාව මෙවර එම සිරකරැවන්ට හිමිවි නැති බව සදහන්වේ.
මෙයට හේතුව ලෙසට බන්ධනාගාර මාධ්‍යය ප්‍රකාශක ජගත් චන්දන වීරසිංහ පවසන්නේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් නත්තල් දිනය දා සිරකරැවන්ට මෙවර පොදු සමාවක් ලබාදිම ක්‍රියාත්මක කිරිමට නොහැකි වු බවකි.
මේ පිලිබදව අවධානය යොමු කරමින් අධිකරණ අමාත්‍යංශය ද බන්ධනාර දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් වාර්තාවක් ලබාදෙන ලෙසට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා යැවු බව සදහන් වේ.