උදා වු නත්තල ජේසු සමිදානන් කී ලෙසට ගත කරමු

නත්තලේ පණිවිඩය

උඳුවප් මස හෙවත් දෙසැම්බර් මාසය කී සැණින් අපට මතක් වන්නේ නත්තලයි.ලොව පුරා වෙසෙන කතෝලික ජනතාව ඉතාමත් භක්තිමත් ලෙස මේ නත්තල ලෙස හැඳින්වෙන ක්‍රිස්තු උපත සමරනු ලබනවා.ඈත අතීතයේදී මරියතුමිය හා ජුසේතුමා බෙත්ලෙහෙමේ ගවහලක ජේසු කුමරුන්ට උපත දීමට යොමුවනවා.එහිදී ඉපදුන ජේසු බිළිඳා ලෝකයේ සාමයේ සුභාරංචියද පතුරවනවා.වර්තමානයේ දී ද නත්තල දුගියා වෙනුවෙන් කැපවෙන්නට හැකි තරම් උත්සාහකරන ලෙසද කතෝලික සභාවේ ඉගැන්වීම් තුළ කියවෙනවා.මේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ ද නත්තල් ගස් සෑඳීම ගවලෙන සෑඳීම යන උත්සව අංග කෙරේ මුල්තැනක් දී තිබෙනවා.එලෙසම කිතුණුවන් ඉතාමත්ම උද්‍යෝගයෙන් යුතුව එදින රාත්‍රියේ ආගමික කටයුතු වලට යෙදීමත් මෙහිදී විශේෂයෙන්ම සිදුවනවා.
අන් අයට ආදරය පැතිරීම,සෙනෙහස මෙන්ම ත්‍යාගශීලීත්වයද මේ කාලයේ කැපී පෙනෙන්නක්.සෑම දේවස්ථානයකටම අයත් බැතිමතුන් මෙන්ම අන්‍යාගමික සහෝදර සහෝදරියන්ද සහජීවනයෙන් යුතුවම නත්තල සැමරීම සතුටට කරුණක්.මෙකල ඉතාම ප්‍රසිද්ධ චරිතයක් වන නත්තල් සීයා හෙවත් සැන්ටා යනුවෙන් හඳුන්වන්නේ මීට බොහෝ කාලයකට පෙර ජීවත් වූ සාන්ත නිකලස් තුමාවයි.කුඩා දරුවන්ද නත්තල් සීයා තමන්ට තෑගිබොග ගෙනෙන තුරු ඇඟිලි ගනිමින් සිටිනා සුන්දර කාලයක් ලෙස නත්තල් කාලය හඳුන්වන්න පුලුවන්.
ලොව පුරා වෙසෙන කිතුණුවන් සියලුදෙනාම මේ කාලය ආශිර්වාද ලැබෙන කාලය බව සිතා කටයුතු කිරීමද දක්නට ලැබෙනවා.ස්වාභාවික ආපාදාවක් ව ශ්‍රී ලාංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් අසරණව ගිය අපගේම සහෝදර සහෝදරියන්ට තමන් සතු දෑ දෙමින් නත්තල වෙනුවෙන් වැය කරන්නට සූදානම්ව තිබූ මුදල් හදල් පවා වැය කරමින් සිය සහෝදරත්වයේ දෑත ඔවුන් වෙත දිගු කර තිබීමත් විශේෂයක්.එකිනෙකා වෙත ප්‍රේමය හා සාමය පැතිරීමට කතෝලික සභාව මෙවර සුවිශේෂී වැඩකටයුතු රාශියක් ද මීසම් මට්ටමෙන් වෙන් ජර තිබෙනවා.ජේසු බිළිදු ඉපදුන මේ නත්තල් දවස පුරාවටම කා බී සතුටු වනවාට වඩා අධ්‍යාත්මික සාමය හා පෝෂණය ගැන සිතන්නට දැන් දැන් ප්‍රජාව යොමු වී තිබෙනවා.
කතෝලිකයන්ගේ පියතුමන්ලා සෑමවිටම නත්තල ගතකල යුතු ආකාරය ඔවුන්ට පහදා දෙනු ලබනවා.පුහු ආටෝපවලට යටත් නොවී අන්‍යොන්‍ය සබඳතාවක් සමඟින්,තමා සතු දෑ අන් අය සමඟින් බෙදා ගන්නට හා සාමය සමඟිය පතුරවන්නටද ශුද්ධ සභාව නිරතුරුවම කතෝලිකයන්ව මෙහෙයවනවා.ජේසු බිළිඳු ඉපඳුන ගවමඬුව තුළින් එතුමා ලොවට පෙන්නුම් කල නිරහංකාරය මෙන්ම චාම්බව සියලු දෙනාටම නිහඬ පිළිතුරු ලබා දෙනවා.ක්‍රිස්තු උපත යනු කා බී ප්‍රීතිය ලැබීම පමනක් නොවන අතර අප අතරම සිටිනා උදව් අවැසි අය වෙනුවෙන් නොපිරිහෙලා ඉදිරිපත් වීම බව එතුමානෝ ප්‍රකාශකර තිබෙනවා.ඉතින් උඳාවන සීතලා නත්තල ජේසු ස්වාමින්වහන්සේ කී ලෙසට ගතකරන ලෙසට අප සියලු දෙනාටමා ආරාධනා කරනවා.

සටහන:-ඈන් මිලිනි රෝශිනී

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *