අමතක කරන්නම බැරි පාස්කු ප්රහාරයට මාස 80 යි..
පාලකයින්ට අමතක එහෙත් ලංකීය ජනතාවට අමතක කරන්නටම බැරි පාස්කු ප්රහාරය නිසා වින්දිතයන් බවට පත්වුවන්ට තවමත් ඒ අදුරැ මතකයන්ට සාප කරමින් පසුවෙති.
ඒ අදවන විට එම සාහාසික ප්රහාරය සිදුවි මාස 80ක් ගෙවෙමින් පවතිද්දි තවමත් ඔවුනට යුක්තිය ඉටුනොවු පසුබිමක සිටයි.
ඔවුනට ප්රශ්ණය වි ඇත්තේ ඇයි අපිට තාමත් යුක්තිය ප්රමාද කියාය.මේ හරහා පාස්කු ප්රහාරයේ වගකිව යුත්තෝ කවුරැන්ද යන්න වහා හෙලිකල යුතුව පවති.
පාලකයින්ට මේවාට උත්තර නැත්තේ කවුරැන් රැකීමටද යන්න තවත් ගැටළුවක්ය.මේකරැණු කාරණා එසේ පවතිද්දි කතෝකික ප්රජාවට පමණක් නොව සමස්ත ලාංකීයන්ට පොදු ගැටළු වක් වු පාස්කු ඉරැදින ප්රහාරයට මාස 80ක් ගතවෙද්දි මිගමු පුරවැසි එකතුවෙන් මෙම සාහාසික ප්රහාරය සම්බන්දයෙන් අද පස්වරැ 4.30ට යුක්තිය ඉල්ලා මිගමුව කටුවාපිටිය මංසන්ධියේ දි ජනතා උද්ඝෝෂණයක් පැවැත්වෙන බව මිගමුව පුරවැසි එකතුව පවසයි.