පොලිස් නිවාස ගැටළු වලට විසදුම් ඉල්ලා ඥාතින් ජනාධිපති ලේකම් කාර්යාලයට..
පොලිස් නිල නිවෙස් වලින් අදාල පොලිස්නිළධාරින් ඉවත් කිරිමට ගත් සැලසුම සම්බන්දයෙන් එම ගැටළුව නිරාකරණය කර ගැනිම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට ඔවුන්ගේ පවුල් වල අය පැම්ණ සිටියහ.
මේ පිලිබදව තමන්ගේ පාර්ශවයට කරැණු දක්වන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපති කාර්යාලයට පැමිණි ලිපියක් ලබාදුන් බව සදහන් වේ.
මෙම පාර්ශවයන් නියෝජනය කල නිතිවේදියෙකු සදහන් කලේ එලබෙන දෙසැම්බර් 30 වන දා පොලිස් නිල නිවාස වලින් ඉවත්වන ලෙසට උපදෙස්ද ලබා දෙමින් චක්‍රලේඛණයක්ද නිකුත් කර ඇති බවකි.
එම තිරණය මත පොලිස් පවුල් 400ක් දැඩිලෙසට පිඩාවන්ව පත්වන බවත් මේ පවුල් අතර මෙවර උසස්පෙල විභාගයට පෙනි සිටිමට නියමිත දරැවන්ද සිටින බැවින් මානුෂිය යව මෙම ගැටළුව දෙස බලා උසස්පෙල විභාගය අවසන් වන තුරැ එම නිවාසයන් තුලම රැදි සිටිමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසයි.