මානුෂිය මෙහෙයුම අවසන් කර ඇමරිකානු ගුවන් හමුදාවත්,ඉන්දීය ගුවන් හමුදාවත් ලංකාවෙන් පිටත් වෙයි..
මෙරට තුල සිදුවු ආපදා තත්වයන් හේතුවෙන් පිඩාවට පත් වු ලාංකික ජනතාවට සහන සැලසීම සදහා මෙරටට පැමිණි ඇමරිකානු ගුවන් හමුදාවේ c-130 j ගුවන්යානා දෙකත් සමග 60 දෙනෙකුගෙන් යුත් සහයක සේවා කණ්ඩායම සිය මානුෂිය සේවාවන් නිමා කරමින් යලි දිවයිනෙන් පිටත් විය.
එසේම ඉන්දිය ගුවන් හමුදාවේ m1-17 හෙලිකොප්ටර් යානා දෙකත් සිය මානුෂිය මෙහෙයුම් සදහා සිය දායකත්වය සැපයු අතර එම කණ්ඩායම ද සිය කාර්ය මංඩලයද සමග දිවයිනෙන් පිටත් වු බව ශ්‍රිලංකා ගුවන්හමුදාව පවසයි.
මෙම රටවල් දෙකෙහිම සහන සේවාවන් ඉටුකල ගුවන් හමුදා කණ්ඩායම් සදහා ස්තුතිය පුද කරන බවත් ගුවන්හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ඇතුළු පිරිස සිය ප්‍රසාදය මෙම රටවල් දෙකටම පල කෙරැණි.