ගමෙන් උපන් කතා…

උදයසිරි වික්‍රමරත්නයන්ගේ භාශාව මෙහෙයවීමේ ඇති වික්‍රමය මොනවට විදහාපාන ගමෙන් උපන් කතා නැමැති කෘතිය සමන්ති ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි.රුපියල් 390/= කට මෙම කුතිය පාඨකයා හට මිලදී ගැනීමට පුලුවන.මෙකී ග්‍රන්ථයෙහි සාඩම්බර දෙවන මුද්‍රණය 2022 වසරේ පාඨකයාගේ අතට පත්වීය.මෙහි එන බස්වහර මෙන්ම කතුවරයා විසින් පෙන්වා දී ඇති අත්දැකීම් වලින්ද පාඨක සිත් වල සුන්දර හැඟීම් ගොන්නක් ඉස්මතු කරවා ඇත්තේය.ඕනෑම අයෙකුට කියවා තේරුම් ගත හැකි පරිද්දෙන් මෙය රචනා කර ඇති උදයසිරි මහතා මෙම කෘතිය පිටු 96කින් ඔහුගේ වික්‍රමය පාඨකයා වෙත ලඟා කරවා ඇත.ගමෙන් උපන් කතා කෘතියට අමතරව ඔහු තවත් බොහෝ කෘතින් රචනා කර තිබේ..ඒවා අතරට කිරි අම්මා,ස්වර්ණමාලි මහරජ වැනි කෘතීන්ද එකතු වී තිබේ.සාරවත් මෙන්ම අතිශයින්ම සුන්දර කතා රසයක් විඳ ගැනීමට මේ කෘතිය කියවන ලෙසට ඔබට ආරාධනා කරමි.

සටහන:-ඈන් මිලිනි රෝශිනී

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *