27 වන ගුවන් හමුදා පාපැදි සවාරිය 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය ඇතිව 27 වන වරටත් සංවිධානය කරනු ලබන “ගුවන් හමුදා පාපැදි සවාරිය 2026” පෙබරවාරි මස 27, 28 සහ මාර්තු 01 යන දිනයන්හිදී දෙස් විදෙස් තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් අද දින මීගමුවෙන් ආරම්භ වේ.

පාපැදි තරග ශ‍්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීම හා පාපැදි තරගකරුවන් අතර තරගකාරීත්වය ඇතිකිරීම ගුවන් හමුදා පාපැදි සවාරියේ ප‍්‍රධාන අරමුණ වේ. මෙම තරගය ක්‍රීඩා අමාත්‍යංශය මගින් මෙහෙයවනු ලබන අතර ක්‍රීඩා අමාත්‍යංශය මගින් නීත්‍යානුකූල අනුමැතිය ලද විනිසුරු වරුන්ගේ අධීක්ෂණයෙන් නීතිරීති වලට අනුවකූලව පවත්වනු ලබයි.

මෙවර පාපැදිතරගයේ පලමු අදියර මීගමුවේ සිට පුත්තලම දක්වා කි.මි 130 ක් දෙවන අදියර පුත්තලමේ සිට දඹුල්ලට කි.මි 143.1ක් හා තුන්වන අදියර දඹුල්ලේ සිට බත්තරමුල්ල ආරක්ෂක සේවා මූලස්ථානය දක්වා කි.මි 143.1 හා මුළු දුර කි මි 420.8 සමන්විත වේ.

මේ වන විට පිරිමි තරගය සදහා දේශීය ක්‍රීඩා සමාජ 33ක් නියෝජනය කරමින් තරග කරුවන් 220ක් හා ඉන්දියාව, රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරමින් තරග කරුවන් 18 දෙනෙකුද කාන්තා තරගය සදහා ක්‍රීඩා සමාජ 10 ක් නියෝජනය කරමින් තරග කරුවන් 28 දෙනෙකු තරග වැදීමට නියමිතව ඇත.

මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා ටොයොටා ආයතනය, Verus Analytics (Pvt) Ltd හා අබාන්ස් පුද්ගලික සමාගම විසින් ප‍්‍රධාන අනුග‍්‍රහයකත්වය ලබා දෙන අතර, Cosmic Technologies Pvt Ltd, Sri lanka tourism promotion bureau, Sri lanka insurance cooperation, Bank of Ceylon, Life boy සන්නාමය යටතේ unilever Sri lanka, Asian paints (causeway), Metropoliten technologies, National lotteries Board, Vitagen සන්නාමය යටතේ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම සහ CEAT Kalani holdings යන ආයතන විසින් අනුග‍්‍රහකත්වය සපයනු ලබයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *