2022 දි අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ගේ මුලික අයිතිවාසිකම් විධායකය කඩකරලා..

2022 දි රනිල් වික්‍රමසිංහ පාලන සමය තුල ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමංඩලයේ කැදවුම්කරැ වසන්ත මුදලිගේ එලෙස අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්ණ කිරිම තුල ඔහුගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩවි ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තින්දු කර ඇත.
එසේම එලෙස අත්අඩංගුවට ගෙන රදවා තැබිම හේතුකරගෙන ඔහු කිසිදු අපරාධමය ක්‍රියාවකට සම්බන්ධ නැති බවත් සාධාරණ සැකයක් නොමැතිව ඉහත ආකාරයට විධායකය කටයුතු කර ඇති බවද අධිකරණය විසින් තිරණය කර ඇත.
මෙම නඩු තින්දුව ත්‍රස්තවාදය වැලැක්විමේ පනතට විරැද්ධව කරන ලද සියළු බලවේගයන්ගේ ජයග්‍රහණයක් ලෙස සලකන බව නිතිඥ නුවන් බෝපගේ වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *