හේමාස් රෝහල අග්රහාර රක්ංෂණය සමග ගිවිසුමකට මුලපුරයි..
හේමාස් රෝහල් ජාලය ජාතික රක්ෂණ භාර අරමුදල සමග අවබෝධතා ගිවිසුමකට එලබිණි.
මේ යටතේ අග්රහාර ප්රතිලාභින් හට ඉහල වරප්රසාද ලබාදිමේ අරමුණින් යුතුව මෙලෙස එම රෝහල් ජාලය සමග ගිවිසුම් ගත වු බව ද සදහන් වේ.
එම ගිවිසුම් ගතවිම යටතේ සියළුම රසායනාගාර සේවාවන් සැලසිම, තෝරාගත් රෝගයන් සදහා මුදල් ගෙවිමකින් තොරව රෝහල් ගතවිමේ පහසුකම්,එක්දින සැත්කම් සදහා සහනදායි මිල ගණන්, සිසේරියන් සහ එන්ජියෝග්රැම් සදහා සුවිශේෂි වට්ටම් ,රෝහලට ඇතුලත්විමේ ගාස්තුවලින් නිදහස් කිරිම, යන කාරණාවන් සදහා මෙම ගිවිසුම යටතේ ප්රමුඛතාවය හිමිවිමට නියමිතව පවතින බව සදහන් වේ.
එසේම වැඩිදුර තොරතුරැ ලබාගැනිමට නම් 0768529819 අංකයට අමතන ලෙසට හේමාස් රෝහල වැඩිදුරටත් දන්වයි.