හයවසර අධ්‍යපන ප්‍රතිසංස්කරණයේ සමලිංගික අඩවිය ගැන පරික්ෂණයක් ඉල්ලයි..
හයවන වසරට අදාලව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සමලිංගික වෙබ් අඩවියක ලිපිනයක් ඇතුලත්ව ඇති බැවින් ඒ සදහා විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.
මේ සම්බන්දයෙන් ඇතැම් සමාජ ජාලා පරිශිලකයින් විසින් දැඩි ලෙසට විවේචනාත්මක සටහන් තබා ඇති අතර මිට පෙරද ගුරැවිදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරැ උලපනේ සුමංගල හිමි වත්මනෙහි හදුන්වාදෙනු ලබන අධ්‍යපන ප්‍රතිසංස්කරණය හරහා කුඩාදරැවන් අතරට සමලිංගිකත්වය ප්‍රවර්ධනය කර ඇති බවට චෝදනා කර තිබු බව ද වාර්තා වේ.