සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් නොකිරිම ගැන සි.අයි.ඩි යට දොස් නගමින් ඊලග වාරයට ඉදිරිපත් කරන්නට නියෝගයක්..
ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ රදවා ගනිමින් ප්‍රශ්ණ කරමින් සිටින රාජ්‍යය බුද්ධි අංශයේ හිටපු ප්‍රදානි සුරේෂ් සලේ පිලිබද නඩුකටයුත්තේ දි කොළඹ කොටුව අධිකරණය වෙතට ඉදිරිපත් නොකිරිම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් වරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේන් ඊට කරැණු විමසීය.
එසේම මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට පවසා සිටියේ සැකකාර සුරේස් සලේ සැකකරැවෙකු බවත් නිකරැනේ රදවාගෙන සිටින පුද්ගලයෙකු නොවන බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කලයුතු බවත් මිලග අධිකරණ වාරයේ දි අනිවාර්යයෙන්ම ඉදිරිපත්කරන ලෙසට නියෝග කලේය.